ඉහලම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක හැරවුමක් -මැතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිතයට තිත තබමු

2
පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිතයට ඉඩකඩ සලසා දුන් රාජ්‍ය නිලධාරීන් අතරින් ඉහලම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක හැරවුමක් බවත් දේශපාලන බලපෑම් හමුවේ රාජ්‍ය නිලධාරීන්ට නීතියට පරිබාහිරව ක‍්‍රියාකිරීමට පොළඹවන පරිසරයද අප විසින් වෙනස් කල යුතුව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
මැතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිතයට තිත තබමු.
 
පසුගිය දශක දෙකක කාලය දෙස ආපසු හැරී බැලීමේදී සෑම මැතිවරණයකදීම රාජ්‍ය බලය හා දේපල අවභාවිතාව දක්නට ලැබිණි. මෙම අවභාවිතය වැලැක්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා නිරීක්ෂණ සංවිධාන විශාල උත්සහයක් දැරුවාද ඒවා අවම වූවා මිස සම්පූර්ණයෙන් වැලැක්වීමට නොහැකි විය. එමෙන්ම ඊට සම්බන්ධ වූවන්ට දඬුවම් පැමිණ වීමද අසීරූ කටයුත්තක් විය. එවැනි පසුබිමක පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිතයට ඉඩකඩ සලසා දුන් රාජ්‍ය නිලධාරීන් අතරින් ඉහලම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක හැරවුමකි. එමෙන්ම දේශපාලන බලපෑම් හමුවේ රාජ්‍ය නිලධාරීන්ට නීතියට පරිබාහිරව ක‍්‍රියාකිරීමට පොළඹවන පරිසරයද අප විසින් වෙනස් කල යුතුව ඇත.
 
මෙම නඩු තීන්දුව හරහා ඉදිරියේදී රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සීමා වනු ඇතැයි අප විශ්වාස කරමු. එමෙන්ම මේ හරහා අනාගතයේදී රාජ්‍ය නිලධාරීන්ට  ඕනෑම තරාතිරමක දේශපාලකයෙකුගේ නීති විරෝධී නියෝග ක‍්‍රියාත්මක නොකර සිටීමට කිසියම් ආවරණයක් ද සැලසෙනු ඇත. එය අනාගතයට පූර්වාදර්ශයක්ද වනු ඇත. රාජ්‍ය සේවය තුළ සිටිමින් රාජ්‍ය දේපල අවභාවිතා කරන දේශපාලනඥයන්ට එරෙහිව හෘද සාක්ෂියට එකගව හා නීතියට අනුව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙම නඩු තීන්දුව ගෞරවයක් හා මග පෙන්වීමක් වනු ඇත.
 
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම ඇතුළු සිදුවීම් කිහිපයකදී රාජ්‍ය බලය හා දේපල අවභාවිතය පිළිබඳව හිටපු ජනාධිපති ලේකම්වරයා, ඇතුළු 8 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් (8C/FR/76/2015) ගොනු කරමින් මෙම නඩුකරයට මූලාරම්භයක් සපයමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රගමනයට දායකවීමට හැකිවීම පිළිබඳ අප සතුටු වන අතර අපගේ ඉල්ලීම පරිදි රාජ්‍ය දේපල අවභාවිතා කිරීමට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවටද, අදාල පරීක්ෂණ මෙහෙයවූ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලූම ආයතන වලටද රාජ්‍ය දේපල අවභාවිතා වීම වලක්වාලීම සඳහා ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගනු ලැබූ එවකට මැතිවරණ දෙපාර්තමේන්තුව හා වත්මන් මැතිවරණ කොමිෂමටද අපගේ ප‍්‍රාණාමය හිමිවේ.
     
එමෙන්ම මෙම රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහිව සමාජ කතිකාවක් ඇති කිරීමට විශාල දායකත්වයක් දැක්වූ සහ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේදී සහය දැක්වූ TISL/ CMEV/ CaFFe ඇතුළු නිරීක්ෂණ සංවිධාන වලටද පැෆ්රල් සංවිධානයේ ස්තූතිය පිරි නැමීමට කැමැත්තෙමු. 
මෙයට,
විශ්වාසී,
 
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක
PAFFREL

2 COMMENTS

  1. අැය් මැතිවරණයකට ඉස්සෙල්ලා රාජ්‍ය දේපොල අවභවිතය හොරකම් කිරීම කැපද?

    දැන් බලන්න, සිරිසේන ජනාධිපති නීතිය නවල බැඳුන්කර හොර නඩේම බේරැවා. නැත්නම් ඔක්කොම මහ බැංකු බැඳුන්කර හොරැ සහ අර්ජුනම කිව්ව උන්ගෙ කැප්ටන් අගමැටි රනිල් අද ඉන්නෙ හිරේ.

  2. ඉන්පසු අර බැඳුන්කර සැකකරැවන්ට ක්‍රිමිනල් නඩුවක් පැවරිමට නීතිපති විසින් අනුමත කරන ලද ෆයිල් එක රහස්‍ය ලියවලි සහිත ලිප ගොනුවක් බවට සීල් ගසා පැත්තකට දැම්මා. සිරසේනගේ තක්කඩි වැඩ නොවන්නට බැඳුන්කර හොරැ අද ඉන්නෙ හිරේ. සිරිසේනට නඩු පැවරිය යුතුද?

Comments are closed.