Home / Featured / ෆීල්ඩ් මාෂල් හොදයි මීහරක් ටිකක් අල්ලාගෙන කුඹුරු හාන්න දැම්මා නම්…ෆොන්සේකා මහත්තයා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා මහත්මයෝ…

ෆීල්ඩ් මාෂල් හොදයි මීහරක් ටිකක් අල්ලාගෙන කුඹුරු හාන්න දැම්මා නම්…ෆොන්සේකා මහත්තයා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා මහත්මයෝ…

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට චීවරධාරියා කියලා අපහාස කිරීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා සිය අප්‍රසාදය පලකරනවා….

රෝහණ පාර්ශවයේ අනුනායක ඕමාරේ කස්සප හිමියන් මව්බිම සුරැකීමේ සංවිධානය අද කොළඹ දි පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් දැක්වු අදහස් …..

“ඇල්ලේ ගුණවංශ හිමියන්ට චීවරධාරියා කියලා අපහාස කිරීමේ චේතනාවෙන් තමයි සරත් ෆොන්සේකා මේ කතාව කළේ. සම්බුද්ධ සාසනයට එල්ල කරපු ප්‍රහාරයක් තමයි මේ සරත් ෆොන්සේකා කළේ. සරත් ෆොන්සේකා රූකඩයක්. වෙන මිනිස්සුන්ගේ උවමනාවන් තමයි එයා ඉටු කරන්නේ. මෙයාට ෆීල්ඩ් මාෂල් කියනවාට වඩා හොදයි වෙල් විදානේ විදියට මීහරක් ටිකක් අල්ලාගෙන කුඹුරු හාන්න දැම්මා නම්. සරත් ෆොන්සේකා වහාම ඉල්ලා අස්කර ගත යුතුයි මේ ප්‍රකාශය. ඒවගේම එයාගේ කැබිනට් ඇමතිකමත් අහෝසි කරන්නට මේ ආණ්ඩුව වග බලා ගන්නට ඕන. ඒවගේම ෆීල්ඩ් මාෂල් තනතුරත් ඔහුට ගැලපෙන්නේ නෑ. ඒකත් අයින් කළ යුතුයි. කැලණිය පන්සලේ හාමුදුරුවන්ටත් අපි කියනවා වහාම දායක සභාවෙන් ඉවත් කළ යුතුයි. අපිට දැන ගන්න ලැබිලා තියනවා ඒ පන්න්සලේ දායක සභාවේ උප සභාපතිය කියලා. සම්බුද්ධ සාසනයට කරන මේ අපහාස උපහාස කොහොමද අපි ඉවසන්නේ.

එහිදි අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,

“සරත් ෆොන්සේකා වෙල් විදානේවරයා භික්ෂූන්වහන්සේලාට චෝදනා කරනවා චීවරධාරීන් කියලා. අපි බලාගෙන හිටියා ටික දවසක් ඒත් දැන් අපි හිතනවා බලාගෙන හිටිය කාලේ ඇති එලියට බහින්න ඕන කාලේ දැන් එළඹිලා තියෙන්නේ. මේ යහපාලනය තුරන් නොකොලොත් මේ රටේ නැති වෙන්න දෙයක් නැතිවෙනවා. මේ මාසේ 28 වෙනිදාට අපි දෙවුන්දර උපුල්වන් දෙවියන්ගේ දේව මන්දිරයට ගිහිල්ලා සන්දේශයයක් හදලා කැලණියයේ විභීෂණ දෙවියන්ට බාර කරන්න අපි සකස් කරලා තියනවා.”

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි,

“මහින්ද රාජපක්ෂ මහ්ත්තයාගේ කාලයේ මේ අයව අත්තඩංගුවට ගත්තට පස්සේ පුදුම තරහක් ඇතු වුණා ඇයි මේ පුද්ගලයාව අත්තඩංගුවට ගත්තේ කියලා. ඒ තරහා අදත් මට තියනවා ඇයි මේ මනුස්සයා එලියට දැම්මේ කියලා. පැහැදිලිව අපි සරත් ෆොන්සේකා මහත්තයාට කියනවා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා මහත්මයෝ කියලා,”

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *