ෆොන්සේකා කියන එක ඇත්ත වෙන්න ඕන…ජනාධිපතිටත් කරන්න බැරි දේවල් තියනවා..අපි කියන දේ පත්තරේ පළ වෙන්නේ නෑ

0

උතුරු පළාත් මහ ඇමති සී. වී විගනේෂ්වරන්,අද(09) අස්ගිරි මහනාහිමියෝ බැහැදැකීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා…

සී. වී ; “අස්ගිරි මහනාහිමියෝත් උතුරට වැඩියා. ඔබවහන්සේත් එන්න උතුරට. වැන්දඹු කාන්තාවන් 89,000 ක් ඉන්නවා. නැවත පදිංචි කිරීමේ අය විදියට උතුරේ පදිංචි කරපු අයටත් කවුරුවත් රස්සා දෙන්නේ නෑ. ධීවරයින්ට තමන්ගේ කටයුතු කරන්න බෑ, දකුණේ අය ඇවිල්ලා ධීවර කටයුතු කරනවා හමුදාවේ සහයෙන්. අපි ගැන වැරද් අවබෝධයක් තියනවා. එහේ වෙන දේවල් ඔක්කෝම දැන් ගත්තතින් තමයි දකුණේ මිනිස්සු එතකොට තමයි එහේ වෙන දේවල් හොඳට තේරුම් කර ගන්න පුළුවන් වෙන්නේ. එක් ලක්ෂ පනස්දහසක් හමුදා භටයින් තවම ඉන්නවා. කඳවුරු 18ක් විතර තියනවා. නමුත් එච්චර ලොකු ගාණක් දැනට ඕන නෑ.

මල්වතු නාහිමි; ජනාධිපතිත් ගියා නේ ලඟදි.

සී. වී ; ඔව් ආවා නමුත් එයාටත් කරන්න බැරි දේවල් තියනවා නේ. ඒත් කතා කළොත් හොදයි කියලයි ආවේ. නැත්නම් අපි ගැන පත්තර වලිනුත්  මොන මොන දේවල් කියනවා ද දන්නේනෑ.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාමාත්‍යවරයා,

“ඔය ගොල්ලෝ ඔක්කෝම හිතන්නේ අපි ත්‍රස්තවාදීන් කියලා. අපිට රට බෙදන්න ඕනෙත් නෑ. ෆෙඩරල් ඕනෙත් නෑ. අහනකොට කියන්නේ රට බෙදන්න යනවා බෙදන්න යනවා කියලා. පත්තරේ එනකොට තියෙන්නේ වෙන දෙයක්.”

එහිදි මාධ්‍යවේදීන් පවසා සිටියේ උතුරේ මාධ්‍යවේදීන් කියන දේ තමන් වාර්තා කරන බවයි. ඒ අනුව එයට පිළිතුරු ලබා දුන් විග්නේෂ්වරන් ඇමතිවරයා

“press club එකේ අයත් එක්කත් කතා කළා. ඒ අය පිළිගත්තා ඒ අය ලියලා එවන  දේ නෙමෙයි පත්තරේ පළ වෙන්නේ කියලා. ඉතින් අපි මෙනෙවා කරන්නද ඒක  හිමිකරුගේ වරද කියලා තමයි ඒ අය කියන්නේ,”

මාධ්‍යවේදීන්: ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියලා තිබුණා ජෙනරල් ජගත් ජයසූරියට එරෙහිව යම්කිසි ඕනෑම අධිකරණයක සාක්ෂි දෙනවා කියලා. ඔබතුමා මොකද ඒ ගැන හිතන්නේ,”

සී වී; ” එයා කියන දේ ඇත්ත වෙන්න ඕන. යුධ හමුදාව වැරදි කරලා තියනවා ඒකට විමසීමක් තියන්න ඕන කියලා ජීනීවා වලිනුත් කියනවා වෙන තැන් වලිනුත් කියනවා සරත් ෆොන්සේකා කියන එක ඇත්ත වෙන්න ඕන.

C. V. Vigneswaran