Home / Featured / හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා රකිනවා…විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු කල වැඩක් ජනපති හෙළිකරයි…

හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා රකිනවා…විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු කල වැඩක් ජනපති හෙළිකරයි…

හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා ඉහළ සිට පහළට සියලු රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බවත් කිසිදු විදේශ බලවේගයකට අපගේ රණවිරුවන්ට අත තැබීමට ඉඩ නොතබන බවට වූ පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල් සිරිසේන පවසයි.

හොරොව්පතාන රිටිගහවැව විහාරස්ථානයේ ඉදිකෙරුණු ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ කවුරුන් කුමන කුමන්ත‍්‍රණ දියත් කළද මේ රටේ රණවිරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය උදෙසා රජය නිරන්තරයෙන්ම කටයුතු කරන බවයි.

“අද රජයට එරෙහිව දේශපාලන කටයුතුවල නිරතව සිටින එක්තරා විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු, තමා දුටු පිළිකුල්ම දේ ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ට එළව එළවා පහරදීම, බවට කර තිබූ ප‍්‍රකාශය ද ආණ්ඩුවට එරෙහිව ආබාධිත රණවිරුවන් මෙහෙයවමින් එම ස්ථානයට රණවිරුවන් නොවන පිරිසක් ගෙනවිත් දමා පොලීසිය සහ එම පිරිස අතර ගැටුමක් නිර්මාණය කර නොසන්සුන් තත්ත්වයකට පසුබිම නිර්මාණය කළ එම පිරිසම අද ඒ පිළිබඳව ආණ්ඩුවට චෝදනා කරන බවයි ජනාධිපතිවරයා අවධාරණයි කළේ. “

Maithripala Sirisena

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *