ඩොලර් ගිලින NGO නඩ රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න හදනවා..අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනතුරුදායකයි…

0

අසත්‍ය සාක්‍ෂි මත අතුරුදන් වූවන්ගේ කාර්යාලය සකස්‌ කරන වාර්තා ඉදිරිපත් කරමින් NGO සංවිධාන රණවිරුවන්ට එරෙහිව විදේශීය රටවලදී නඩු පවරමින් සිටින බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම ලේකම් යසස්‌ ධර්මදාස පවසයි.

රාජගිරියේ ජාතික සංවිධාන එකමුතු කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් යසස්‌ ධර්මදාස සදහන් කළේ බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන මේ සංවිධාන ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කළ ජගත් ජයසූරියට එරෙහිව ලතින් ඇමරිකානු රටවල අධිකරණ හමුවේ නඩු පැවරීමට ක්‍රියාකර ඇති බවයි.

රජය අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කිරීමට උත්සාහ කරන බවත් අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති සකස්‌ කළහොත් ජගත් ජයසූරිය අන්තර්ජාතික අධිකරණවලට භාරදීමට සිදුවන බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

“ජනාධිපතිතුමා පැවසුවේ ජාත්‍යන්තරය දිනා ගත්තා කියලයි. එහෙත් අද සිදු වන්නේ කුමක්‌ද? විදේශ සංවිධාන අපේ රණවිරුවන් දංගෙඩියට යෑවීමට උත්සාහ කරනවා.”

global srilankan forum