“මට පිස්සු නෑ.  තොට පිස්සු”…සරත් ෆොන්සේකා නෙවේ…දැන් මෑඩ් ෆොන්සේකා…යුද අපරාධ චෝදනාවෙන් බේරීමට නම් ෆොන්සේකාට පිස්සු බව සහතික කළ යුතුයි…

0

අද ෆොන්සේකාව වර්ණනා කරන්නේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා, සංක්‍රාන්තික දෙමළ ඊළාම් රාජ්‍යයේ නියෝජිතයින් වැනි අය බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට යුද සමයේ සිටි හමුදාපති ප්‍රකාශ කළාට පස්සේ තවත් ඔප්පු කරන්න සාක්ෂි අවශ්‍ය නෑ.  ඒ නිසා තමයි වසර අටක් පුරා චෝදනා නැගුවත් සාක්ෂි නැතුව ඔප්පු කරන ගන්න බැරිව අසරණ වී සිටි දෙමළ බෙදුම්වාදින් ප්‍රිතියෙන් ඔකඳ වෙලා ඉන්නේ. අද ෆොන්සේකා මහතා ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්වෙලා. අද ෆොන්සේකාව වර්ණනා කරන්නේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා, සංක්‍රාන්තික දෙමළ ඊළාම් රාජ්‍යයේ නියෝජිතයින් වැනි අය.

හමුදාපති තමන් යටතේ සිටි හමුදාව යුද අපරාධ කළා කියලා පිලි ගත්තාට පසු එහෙම වුණේ නෑ කියලා වෙන කාටවත්ම කියන්න බෑ.  දැන් ඉතින් යුද අපරාධ ඔප්පු කරන්න දෙයක් නෑ. රණවිරුවන්ට දඬුවම් කිරීම පමණයි ඉතිරිවී තිබෙන්නේ.  මේ නිසා ලක්ෂ තුනකට අධික රණවිරුවන්ගේ ජීවිත අනතුරේ.  දැන් රණවිරුවන් බේරා ගැනීමට තිබෙන එකම විකල්පය මේ ප්‍රකාශය කලේ මානසික රෝගියෙකු කියන එක විතරයි.  වෙනත් වචන වලින් කිව්වොත් සරත් ෆොන්සේකාව මෑඩ් ෆොන්සේකා බවට පත් කිරීමෙන් විතරයි.  ඇත්තෙන්ම ඒක එතරම් අපහසු නෑ.

මානසික රෝගියෙකු හඳුනා ගැනීමට ප්‍රධාන ලක්ෂණ තුනක් තිබෙනවා.  පළමු ලක්ෂණය තමයි තමන්ට පිස්සු නෑ කියන එක. ඔබත් දැක ඇති අංගොඩ රෝහලට මානසික රෝගියෙක් ගෙදර අය විසින් රැගෙන යද්දී රෝගියා කියන්නේ මට ඇති පිස්සුවක් නැ. මාව අත අරින්න කියලයි.  ෆොන්සේකාත් තමන්ට පිස්සු කියලා පිලි ගන්නේ නෑ.  මට පිස්සු නෑ කියලා තමයි කියන්නේ. දෙවැනි ලක්ෂණය තමයි අනුන්ට පිස්සු කියපු එක.  ෆොන්සේකා ගෞරවණීයමහා සංඝරත්නයටත් පිස්සු කියා පවසනවා අපි දැක්කා.  තෙවන ලක්ෂණය තමයි කාටවත් පාලනය කරන්න බැරි අයුරින් හැසිරීම. අපිට මේ වනවිට පේනවා ජනාධිපතිතුමන්ටවත් අගමැතිතුමන්ටවත් කිසිම පාලනයක් නැ. ඒ අය ෆොන්සේකා මහතාගේ මතය ආණ්ඩුවේ මතය නොවෙයි කියනවා මිසක් ෆොන්සේකාව පාලනය කර ගැනීමේ හැකියාව නායකයින්ට නෑකියලා. මේ ලක්ෂණ තුනම ෆොන්සේකාට තිබෙනවා. ඒ නිසා ඔහුට හොදටම පිස්සු කියලා ඔප්පු කරන එකනම් හරිම පහසුයි. දැන් රණවිරුවන්ට ආදරේ කරන රණවිරුවන් බේරාගතයුතුයි කියලා හිතන  කවුරු හරි කැළණිය පැත්තේ ඉන්නවා නම් කළ යුත්තේ ෆොන්සේකාව කුදලා ගෙන මානසික රෝහලට ගෙනැවිත් ඔහුට ප්‍රභල මානසික රෝගයක් තිබෙන බවට වෛද්‍ය සහතිකයක් ගැනීමයි.  රණවිරුවන් බේරා ගන්න තිබෙන එකම ගැලවිජ්ජාව මෙපමණයි.  දැන් ෆොන්සේකාව කුදලා ගෙන එන්න ගියාම “මට ඇති පිස්සුවක් නෑ.  පිස්සු නටන්නේ නැතුව ඉන්නවා“ කියලා එන අයට පහර දෙන්න උත්සාහ කරාවි“.  ඒකට සැලෙන්න එපා.  මානසික රෝගියාගේ පළමු ලක්ෂණ දෙක තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නේ.  “මට පිස්සු නෑ.  තොට පිස්සු“ කියන එක මානසික රෝගීන්ගේ පළවෙනි රෝගී ලක්ෂණ දෙක.

සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ හැසිරීම පිළිබද ආණ්ඩුවේ නිහඩ පිලිවෙත ගැන අපට තියෙන්නේ බලවත් සැකයක්.  එකම එක දවසක් තත්පර කීපයක් නාලිකා දෙකක මේජර් ජනරාල් කමල් ගුණරත්ත මහතා කළ ප්‍රකාශයට දින පහක් ඇතුලත ප්‍රථිචාර දක්වන අපේ අතිගරු ජනාධිපතිතුමන් ෆොන්සේකා දින පතාම සිදුකරන ප්‍රකාශ නොයිසු කන්ව සිටින්නේ , අතිගරු ජනපතිතුමනි ගරු අගමැතිතුමනි අවාසි දේ නොඇසෙන රෝගය ඔබ දෙපලටත් වැලදී ඇත්දැයි අපට ප්‍රශ්න කරන්න සිදු වෙනවා.

ඒ වගේම අපට සාධාරණ සැකයක් මතුවෙනවා 8 වසරක් පුරාවට දෙමළ බෙදුම් වාදීන්ට ඔප්පුකරගන්න බැරුව දගලපු යුධ අපරාධ පිළිබද කාරණය, එම පදනම් විරහිත චෝදනාව ඔප්පුකර දීමට සරත් ෆොන්සේකා කරළියට ගෙන ආ යුතු නිසාද ඔහුට ප්‍රාදේශිය සභාවකටවත් යාගැනීමට වත් ඡන්දයක් ලබාගැනීමට බැරිව සිටියදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් කැබිනට් අමාත්‍ය දූරයක් ලබාදී කෝටි හතක වාහනයක් ලබාදුන්නා කියලා.  ඔහු ලවා මේ ප්‍රකාෂය කියවා ගැනීම සදහා ඔහුට මේ සියල්ල ලබාදුන්නාදැයි කියන සාධාරණ සැකය මේ නායකයින්ගේ නිහැඩියාව නිසා අපට ඇතිවෙනවා.

ඒ වගේම සරත් ෆොන්සේකා මහතාට අපට දැන් කියන්න වෙන්නේ මෑඩ් ෆොන්සේකා කියලයි. මොකද මේ කරන ප්‍රකාශවලට අනුව එතුමන්ට හොද සිහිය තිබෙනවා කියලා අපි පිළිගත්තොත්නම් රණවිරුවන් ඉවරයි.

උතුරේ හමුදා කඳවුරු පැවතීමට හේතු 8ක්

උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා ඊයේ මහ නායක ස්වාමින් වහන්සේලා හමු වී උතුරේ දැවැන්ත හමුදාවක් සිටින බවත් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසුවා.  නමුත් තාර්කිකහේතු අටක් මත ලංකාවේ හමුදාවේ සාතිශය බහුතරය සිටිය යුත්තේ උතුරු පළාතේ බව අපේ තාර්කික නිගමනයයි.

  1. ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදි කණ්ඩායම උතුරු පළාතෙන් මර්දනය කරලා ගත වී තිබෙන්නේ තවම වසර අටයි. නිදහස් කළ කොටි සාමාජිකයින් දොලොස් දහසක් උතුරේ නිදැල්ලේ සිටිනවා.ඒ අය සමීපව සුපරික්ෂා කිරීමට හමුදාව උතුරේ සිටිය යුතුයි.
  2. සඟවා තැබූ ආයුධනිරතුරුව උතුරෙන් හමු වෙනවා. හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන අයුරින් පසුගිය වසර දෙක තුල පමණක් මරා ගෙන මැරෙන ඇඳුම් කට්ටල දස දහසකට වැඩි ගණනක් උතුරු පළාතෙන් ලැබී තිබෙනවා.  මේ ආයුධ සොයා ගැනීමට හමුදාව උතුරේ සිටිය යුතුයි.
  3. පුනරුත්ථාපනය නොවුණු කොටි සාමාජිකයින් විශාල පිරිසක් ජනතාව අතරේ ඉන්නවා. ඔවුන් නැවත ත්‍රස්තවාදි ක්‍රියා ආරම්භ කිරීමට ගත් උත්සාහයන් හමුදාව විසින් ව්‍යවර්ථ කර තිබුණා.  මී ළඟ ත්‍රස්තවාදි නැගිටීම දල්ලෙන් කැඩීමට නම් හමුදා උතුරේ සිටිය යුතුයි.
  4. ලංකාව තුල ත්‍රස්තවාදය පරාජය කළත් ලෝකය පුරා දෙමළ බෙදුම්වාදය තවම ක්‍රියාත්මකයි. වෙනදාටත් වඩා දෙමළ නායකයන්ගේ අනුකම්පාව සහ ආදරය දිනා ගනිමින් එය පිම්මේ වැඩෙමින් පවතිනවා. රුද්‍ර කුමාරන්, විනයාගම් සහ එමානුවෙල් පියතුමා වැනි අයගේ නායකත්වයෙන් එකිනෙකාගේ තරගකාරීත්වයෙන් මේ අය අද ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා. මේ අය තවමත් දෙමළ ඊළාම් සිහිනය සැබෑ කර ගන්න කටයුතු කරනවා. තවමත් ඔවුන්ට ත්‍රස්තවාදි කටයුතු ආරම්භ කරන්න බැරි වුණේ ප්‍රබල හමුදාවක් උතුරේ සිටින නිසා.
  5. යුද්ධයක් නොතිබුණත් හොර බඩු ජාවාරම සහ නීති විරෝධි සංක්‍රමණිකයින් හේතුවෙන් ඉංග්‍රිසි යුගයේ
  6. විරෝධි සංක්‍රමණ වැඩිපුරම සිදුවන්නේ උතුරු පළාතේ සිට. ඒ නිසා මෙවැනි ක්‍රියා මර්ධණයටත් උතුරේ හමුදා රදවා තැබිය යුතුයි.
  7. වසර 2,600ක ලිඛිත ඉතිහාසයේ සිදු වී ඇති විදේශ ආක්‍රමණ වලින් චීන අද්මිරාල් ෂෙන් හේගේ ආක්‍රමණය හැර අන් සියල්ලම සිදු වී ඇත්තේ උතුරු පළාතෙන්. සතුරා එන පැත්තේ මිස සතුරා නැති පැත්තේ හමුදා කඳවුරු පවත්වා ගෙන ගොස් ඵලක් නෑ.
  8. උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමට උතුරෙන් හමුදා ඉවත් කරනවා නම් අනිත් පලාත් වල මහ ඇමතිවරුන් ඉල්ලුවොත් ඒ පලාත් වලින් ද හමුදා ඉවත් කරන්න ඕනෑ. උදාහරණයක් විදිහට ලංකාවේ ලොකුම හමුදා කඳවුරු තියෙන්නේ බස්නාහිර පළාතේ හෝමාගම පණාගොඩ ප්‍රදේශයේ. එතකොට පලාත් නවයේම මහ ඇමතිවරුන් එක හඩින් ඉල්ලා සිටියොත් අපේ පළාත්වලින් හමුදාව ඉවත්කරගන්න කියලා හමුදාව කොහෙද තියන්නේ? නාවික හමුදාව නම් නැව් වල නංවා මුහුදට දානවා කියමුකොකඳවුරු. ගුවන් හමුදාවත් ගුවන් යානා වල නංවලා අහසට දානවා කියමුකො.  එතකොට යුද හමුදාව?  ඒ නිසා මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඉල්ලීමක් නෙමෙයි.
  9. උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමට නම් ජනාකීර්ණ අනිත් පළාත් වල කැලෑ කපමින් හමුදා කඳවුරු ඉදි කරන්න ඕනෑ. එයින් දැවැන්ත පරිසර විනාශයක් සිදු වෙනවා මෙන්ම මූල්‍ය අර්බූදයක ඉන්න ආණ්ඩුවට දරා ගන්න බැරි දැවැන්ත වියදමක් දරන්න සිදු වෙනවා.

මේ හේතු අටම නිසා අපි උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනවාට විරුද්ධයි. විග්නේශ්වරන් මහඇමතුමන්ගේ ඉල්ලීම ආණ්ඩුව විසින් ඉටු නොකළ යුතු ඉල්ලීමක් ‍ලෙසයි අපනම් දකින්නේ.