ජනපති මඩු වලිගය අතට ගනී….රාජපක්ෂ සරණ ගිය අරුන්දික ඇමතිකමින් දොට්ට….ඇමතිකම් තියාගෙන මහින්දගේ කාර්යාලයට රිංගලා මාට්ටු..

0

සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලබා නොදුන්නොත් තමා ඇතුළු කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට යැම වැළැක්‌විය නොහැකි බව පවසමින් විවිධ ප්‍රකාශ නිකුත් කල හිටපු සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කර තිබේ.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය ලබාදෙන ලෙස තම කණ්‌ඩායම මීට ඉහතදී අවස්‌ථා කිහිපයක දීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත දැනුම් දී තිබෙන බවත් ඒ අනුව හෙතෙම එම ඉල්ලීම ඉටු කරනු ඇතැයි තමා බලාසිටින බවත් අරුන්දික ප්‍රනාන්දු පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනා.

පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් නොවන්නේ නම් තවදුරටත් ආණ්‌ඩුව තුළ තමන්ට සහ තම කණ්‌ඩායමට රැඳී සිටිය නොහැකි යෑයිද ජනාධිපතිවරයා තම ඉල්ලීමට එකඟත්වය පළ කළහොත් ඉදිරියටත් සහාය ලබා දෙන බවයි හිටපු නී.අමාත්‍යවරයා සහහන් කර තිබුනේ.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී උණසුම් වචන හුමවාරුවක් සිදුවු බවද වාර්තා වුනා.

මේ අතර මීට සති කිහිපයකට බත්ත රමුල්ලේපිහිටු මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයෙදි සාකච්ඡාවකට සහභාගි වි ඇති අතර එහි ඡායාරූපයක්ද අන්තර්ජාලයට එක්කර තිබේ.