Home / Featured / ජාතික විරයෝ කියන අයට කොන්දක් නෑ…පුලුවන්නම් උසාවියකට ගිහිල්ලා කියන්න මම අණ දුන්නේ කියලා..

ජාතික විරයෝ කියන අයට කොන්දක් නෑ…පුලුවන්නම් උසාවියකට ගිහිල්ලා කියන්න මම අණ දුන්නේ කියලා..

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක තිස්සමහාරාම බහුකාර්‍ය සංවර්ධන ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ උත්සවයේදි සිල්රෙදි තින්දුව සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.

“මේ මෑතදි සිල්රෙදි ප්‍රශ්නයක් ගැන අපේ හිටපු ජනාධිපති ලේකම්තුමා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු හිරේ ගියා. ඒකට අණ දීපු දේශපාලන නායකයෝ මහා ජාතියේ වීරයෝ කිව්වේ නෑ මම තමයි මේකට අණ දුන්නේ උසාවියකට ගිහිල්ලා, ඕන  මට නඩු දාන්න මගේ අණ ක්‍රියාත්මක කරපු නිලධාරින්ට එහෙම කරන්න එපා කියලා කිව්වේ නෑ උසාවියට ගිහිල්ලා. එහෙම කිව්වේ නෑනේ. එහෙම කොන්දක් නෑ. වැදගත් අහිංසක නිලධාරින් හිරගෙදරට යැවීම තමයි ප්‍රතිපත්තිය. පස්සෙන් යන කාටත් ඕවා හොද පාඩම්,”

“2005 ඉදන් 2014 රටේ ප්‍රාග්ධන වියදම්. ඒ කියන්නේ ආණ්ඩුව කරන වියදම් ඒ ආණ්ඩුව කරන වියදම් වලින් 40% ක්ම කළේ හම්බන්තොටට. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂ 6 යි ජනතාව බිලියන 900ක් වියදම් කළා ඒ කියන්නේ එක පුද්ගලයෙකුට ලක්ෂ 15 වැටෙන විදියට තමයි වියදම් කළේ. ඒ වගේම රටේ අනෙකුත් පළාත් වලට දිස්ත්‍රික්ක වලට කළේ එක් පුද්ගලයෙකුට රුපියල් 75,000ක් වැඩ එඉතරයි මහින්ද මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයායි බැසිල් මහත්තයයි එකතු වෙලා. මේ හම්බන්තොට සාමාන්‍ය ජනතාවගේ ඇගට ඒ මහා සංවර්ධනය දැනුනේ නෑ. ඒ මහා සංවර්ධනය කෝටි ප්‍රකෝටි ගාණින් දැනිච්ච අය හිටියා. ඒ ගොල්ලන්ට රටේ අවාසනාවට තාමත් යුක්තිය ඉෂ්ට වුණේ නෑ. ජනතාවගේ පැත්තෙන් අපි ඒ ගැන කණගාටු වෙනවා.”

 

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *