මහින්දට ආපහු වරදි!රාජ්‍ය නිලධාරියා යනු කවුරුන්ද!ලලිත් වීරතුංග ව්‍යවස්ථාවට අනුව හොරෙක්ද ?

2

ලලිත් වීරතුංග රාජ්‍ය නිලධාරියෙකු නොවේ යැයි මහින්ද රාජපක්‍ෂ කළ ප‍්‍රකාශයට අද පැවැති මාධ්‍ය හමුවකදි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අදහස් දක්වා සිටියා..

“19වැන ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය නිලධාරියා කවුරුන්ද යන්න පැහැදිලිව අර්ථකථනය කොට තිබෙනවා. 19වැනි ව්‍යවස්ථාව කියවන්න කියලා අපි මහින්ද රාජපක්‍ෂට කියනවා. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ලේකම් රාජ්‍ය නිලධාරියෙක්. 19 සංශෝධනයට පෙර වුවත් ජනාධිපති ලේකම්වරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කළ නොහැකියි. ඔහුට ජාත්‍යන්තර නීතියවත් කඩ කරන්න බැහැ. ලිඛිත නීතියක් අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා මහින්ද රාජපක්‍ෂලාට ව්‍යවස්ථාව පිටින් දාලා අල්ලස් දීමේ වරදින් බේරෙන්න පුළුවන්කමක් නැහැ.”

“අද තිබෙන ප‍්‍රශ්නය ලලිත් වීරතුංග ව්‍යවස්ථාවට අනුව හොරෙක්ද ව්‍යවස්ථාවට පටහැනි හොරෙක්ද යන්න නෙවෙයි. ඔහු රාජ්‍ය සේවකයෙක් නොවෙයි කියනවා නම් ඔහුට සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ටී.ආර්.සී. එකෙන් මිලියන 600ක් අරගෙන සිල් රෙදි බෙදන්න පුලූවන්ද? ඒ වගේම මහින්ද රාජපක්‍ෂ කියනවා මේක ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් අනුව කි‍්‍රයාත්මක වුණා කියලා. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් නම් එය අයවැය ප‍්‍රකාශනටය ඇතුළත්විය යුතුව තිබෙනවා. නමුත් අයවැය ප‍්‍රකාශනවල එය යෝජනාවක් ලෙස සඳහන් වෙන්නේ නැහැ. ඒවගේම ටී.ආර්.සී. එක අදාල වර්ෂයන් සඳහා ඉදිරිපත් කරන කි‍්‍රයාකාරී සැලැස්මේ එම ව්‍යාපෘතිය යෝජනාවක් ලෙස සඳහන් කළ යුතුව තිබෙනවා. නමුත් මේ කිසිදු ලියවිල්ලක සිල්රෙදි බෙදීමේ ව්‍යාපෘතිය යෝජනාවක් ලෙස සඳහන් නොවන බව අධිකරණයේදී ඔප්පු වුණා.”

“ඒ නිසා රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුවූ බව ඉතා පැහැදිළියි. තීන්දුව දුන්නට පස්සේ මහින්ද රාජපක්‍ෂ කියනවා වගකීම බාර ගන්නවා කියලා. නමුත් අධිකරණ කි‍්‍රයාවලිය යන අතරතුර එම වගකීම බාර ගත්තේ නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලියි, මහින්ද රාජපක්‍ෂත් ලලිත් වීරතුංගත් මෙය ඉතාම සැලසුම්සහගතව කි‍්‍රයාත්මක කළා කියලා.”

2 COMMENTS

  1. මහබැංකුවෙ  EPF එකේ මුදල් කෝටි ප්‍රකෝටි (බිලියන) ගනනින් මංකොල්ල කාලා අැමතියන්ට ගෙවල් ගන්න රනිල මහබැංකු අධිපති හැටියට තෝර ගත්ත අර්ජුන තමන්ගෙ බෑනත් එක්ක බෙදපු සල්ලි මුන්ට ලොකු නැහැ සිල් රෙදි දෙන්න වියදම් කරපු ලක්‍ෂ 6000 න් තමය් අද රටේ අාර්තිකය කඩා වැටිල තියෙන්නෙ.

Comments are closed.