සිරිසේන සොහොයුරු කල රිය අනතුර රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා වහන්න හැදුවා…ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාරයට

0

මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලාල් සිරිසේන ජවිපෙ සමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරිම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා මෙම අනතුර සිදු කර පළා ගියේ ජනාධිපතිවරයාගේ සොහොයුරා යැයි පැවසීම බියක් දැක්වූ බවත් ඒ අනුව පෙනී යන්නේ වර්තමානයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයද බිය ගෙන දෙන්නක් වන අනතුරින් ජිවිතක්ෂයට පත් වු සමාජිකයන් දෙදෙනාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වෙමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සදහන් කළා.

එමෙන්ම ජනතාවගේ මැදිහත්වීමත් ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමත් නොවන්නට අද මෙම අනතුරද කාලයේ වැලිතාලාවේ ගිලී යන්නට තිබූ බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.

ඒ.ජේ.එම්. ජයරත්නගේ සහ ඒ.ජේ.එම්. බුද්ධදාසගේ පවුලට යුක්තිය ඉටු වියයුතු බවත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස ජනතා විමුක්ති පෙරමුණ විමසිලිමත්ව සිටින බවත් පැවසූ අතර තමන්ද ඒ සම්බන්ධයෙන් විමසිල්මත්ව සිටින ලෙස සුනිල් හඳුන්නෙත්ති  ජනතාවගෙන්ද ඉල්ලා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගමන්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පසුගිය 09වනදා පොලොන්නරුව පොලීසියට බාරවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත ලාල් සිරිසේනට පොලීසියට බාර වීමට සිදුවුනා.

මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්විය.

Lal Sirisena