චෞර රැජිනියක් වෙනුවට රැජනිලා ගොඩක්…රජවරු ගොඩක් …වීරතුංගට සහ අනුෂට දුන්න තින්දුව වෙනස් කරයි කියලා සැකයි…

0

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට දඬුවම් දුන්නා වගේම බැඳුම්කර සිද්ධියට අදාළ අයටත් වහ වහා දඬුවම් දිය යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසයි.

ඊයේ (11) සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ සදහන් කළේ ජනාධිපතිතුමා උතුම් මාතෘ භූමිය කිය කියා මේ චෞර පාලනයට අනියමින් සහ නියමයෙන් නායකත්වය සහ දායකත්වය දෙනවා. අගමැතිතුමත් එහෙමයි. ලිච්ඡවී පාලනය කිය කිය ලිච්ඡවී පාලනයට අතිශය නිගා දෙන අයුරින් කටයුතු සිද්ධ කරන බවයි.

“මේ දූෂිත කල්ලි අපේ රට අවුරුදු 69ක් තිස්සේ පාලනය කළා. මං හිතන්නෙ නෑ ඔවුන් තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට උපක්‍රම යොදනවා මිසක් තමන්ගේ තන්ත්‍රයට හානියක් කරනීවි කියලා.”

“එක්තරා කතුවරයෙක් පොතක් ලිව්වා ‘චෞර රැජන’ කියලා අද එක රැජිනියක් වෙනුවට රැජනිලා ගොඩක්, රජවරු ගොඩක් තියෙන චෞර පාලනයක් පවතින්නේ.පාර්ලිමේන්තුවේ 225 දෙනකු ඉන්නවා නම් ඉන් 5 දෙනකුට තමයි මේක අදාළ නොවන්නේ. අන් සියලු දෙනාටම ජනතාව ළඟ විශේෂණ පද තියෙනවා. බැඳුම්කර හොරා, කුඩුකාරයා, වංචාකාරයා වගේ.”

“මේ හොර කල්ලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, යූ.ඇන්.පී. ලෙස සඳහන් කරමින් ජනතාව රැවැටීමට දෙකට බෙදිලා හිටියට එකම හොර වැඩ කරන එකම චෞර කණ්ඩායමක්.අද මේ අය රැස් වෙලා ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට දීපු තීන්දුව ඉදිරියේදී වෙනස් කරයිද කියලා සැකයක් මතුවෙනවා. ඒ සම්බන්ධ ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වන බව පේනවා.”

“ලලිත් වීරතුංග මහතාව නිර්දෝෂී කරන්න අද සමාජයේ විවිධ කණ්ඩායම් කල්ලි හැදිලා මේ තීන්දු වැරැදි සහගතයි කියලා අනුකම්පාව දිනාගනිමින් නීතිය වෙනත් පැත්තකට හරවන්න සූදානමින් සිටිනවා.දුන් තීන්දුවට සතුටින් ගරු කරනවා. නමුත් නීතිය නමලා සිදුරකින් රිංගා වංගුවකින් හරවා නැවත ඔවුන්ව නිදහස් කරන වටපිටාවක් හදලා දෙනවා නම් ඒක ජනතාව පැතූ සාධාරණත්වය නෙවෙයි.”

National Bhikkhu Front