ඇමෙරිකානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය ගිය බස් රථය ති‍්‍රරෝද රථයක ගැටෙ… තරුණයන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට. තවත් දෙදෙනෙකුට බරපතලයි.

0

කොළඹ සිට නුවරඑළිය දක්වා ඇමෙරිකානුසංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය වු සුපෝපභෝගි බස් රථයක ති‍්‍රරෝද රථයක් ගැටි ති‍්‍රරෝද රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේම ජිවිතක්‍ෂයට පත්වි තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පවසනවා.

අද (12.09) පස්වරු 6.15 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ලිදුල ෆේයාර්විල් වත්ත ප‍්‍රදේශදිය.තලවාකැලේ ලිදුල නාගසේන සිට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් ධාවනය වි ඇති ති‍්‍රරෝද රථය සුපෝපභෝගි බස් රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බවයි ලිදුල පොලිසිය පවසන්නේ.

බරපතල තුවාල ලැබු ති‍්‍රරෝද රථයේ ගමන් ගත් තවත් තරුණයන් දෙදෙනෙකු වැඩි දුර ප‍්‍රතිකාර සදහා නුවඑරළිය මුලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. බස් රථයේ පැමිණි සංචාරකයන් ආරක්‍ෂිතව ලිදුල පොලිසියේ නතර කර තිබෙනවා.

රංජිත් රාජපක්ෂ -හැටන්