සිල් රෙදි බෙදන්න උපදෙස් දුන්න රාජපක්‍ෂවරු තුන්දෙනාගෙන් එක් කෙනෙක් වගකිම ගන්න …විමල්,දිනේෂ්,වාසු…. පරපෝෂිතයෝ …

2

පසුගිය ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවන්ට සිල් රෙදි බෙදීම නිසා රජයේ අවංක නිලධාරීන් දෙදෙනකුට සිරබත් කන්නට සිදුව ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා පවසයි.

බිබිල ආසනයේ කරගහවෙල, උඩමල්ලෑව,වෑගම දකුන,කුරුඅඹ සහ කවුඩැල්ල ශ්‍රී.ල.නි.ප ශාඛා ප්‍රතිසංවිධානය හා ඉදිරි දේශ පාලන ගමන් මග පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා පැවැති රැස්විමක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ ඔවුන්ට එම සිල් රෙදි බෙදීම සඳහා උපදෙස් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැතිනම් බැසිල් රාජපක්‍ෂ හෝ වෙනත් රාජපක්‍ෂ කෙනකු එහි වගකීම නොගෙන අහිංසක නිලධාරීන් දෙපළක් බිල්ලට දීම වරදක් බවයි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මම අහලා තියෙන විදියට හිටපු ජනාධිපතිවරයෙක් තමන්ගේ ධුර කාලයේ කරපු දේවල්වලට හිරේ දාන්න බැහැ. සාමාන්‍යයෙන් අමාත්‍යාංශ ලේකම්වරයෙක් අදාළ ඇමැතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනස් දෙකේ දෙක යටතේ ඇමැතිවරයාට ඒ නියෝගය කරන්න පුළුවන්. අපි කරන නියෝගයක් ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශ ලේකම්වරයා බැඳිලා ඉන්නවා. එහෙම නම් මේ සිල් රෙදි බෙදන්න උපදෙස් දුන්න රාජපක්‍ෂවරු තුන්දෙනාගෙන් කවුරු හරි ඒ වගකීම භාරගන්න එපැයි. මේ අහිංසකයෝ හිරගෙවල්වල දාන්නේ නැතිව.”

“මේ සිද්ධිය වෙච්ච ගමන් එතෙක් රනිල්ට බැන බැන හිටපු මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේදීම රනිල් එක්ක සාකච්ඡා කරනවා.මහින්ද රාජපක්‍ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයකු ලෙස දෙපාරක් ජනාධිපති වෙලා හිටියා. අගමැති වෙලා හිටියා. එහෙම නම් ඇයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ පක්‍ෂය කඩලා එක්සත් ජාතික පක්‍ෂය දිනවන්න මල් පොහොට්ටුවකින් එන්න හදන්නේ. ඇයි මේ තමන්ට අත දීපු පක්‍ෂයට පයින් ගහන්නේ.පසුගිය කාලේ කිසිම ආණ්ඩු කාලයක පැවැති හොරකම්, වංචා දූෂණ හෙළිදරව් වුණේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඒ හොරකම් වංචා හෙළිදරව් කරමින් වැරැදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.””

“අපේ පක්‍ෂයෙන් ජීවත්වන පරපෝෂිතයෝ ඉන්නවා. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, උදයශාන්ත ගුණසේකර එවැනි පිරිසක්. පුළුවන්නම් එයාලට එයාලගේ පක්‍ෂවලින් ඇවිත් ඡන්දය ඉල්ලලා දිනන්න කියන්නකෝ. එහෙම ඉල්ලලා ඔවුන්ට දිනන්න බැහැ. ඔවුන්ට ඡන්ද තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ක එකතු වෙලා ඡන්දය ඉල්ලුවොත් විතරයි.”

2 COMMENTS

  1. මහබැංකුවෙ  EPF එකේ මුදල් කෝටි ප්‍රකෝටි (බිලියන) ගනනින් මංකොල්ල කාලා අැමතියන්ට ගෙවල් ගන්න රනිල මහබැංකු අධිපති හැටියට තෝර ගත්ත අර්ජුන තමන්ගෙ බෑනත් එක්ක බෙදපු සල්ලි මුන්ට සුලු දෙයක්. සිල් රෙදි දෙන්න වියදම් කරපු ලක්‍ෂ 6000 න් තමය් නාස්තිය. ජහපාලනය අද රටේ අාර්තිකය කඩා වට්ටලා.

Comments are closed.