Home / Featured / රාජ්‍ය නිලධාරීන් දේශපාලකයින්ගේ බලපෑමට යට වෙන්න එපා…දඩුවමක් ලැබීම ගැන අපි කවුරුත් සතුටු වන්නේ නෑ.

රාජ්‍ය නිලධාරීන් දේශපාලකයින්ගේ බලපෑමට යට වෙන්න එපා…දඩුවමක් ලැබීම ගැන අපි කවුරුත් සතුටු වන්නේ නෑ.

රජයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකු හට ලැබී ඇති දඩුවම හේතුවෙන් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන් දේශපාඥයින්ගේ බලපෑම් වලට කටයුතු නොකොට හරිදේ පමණක් සිදු කරමින් රාජකාරීන් නිසියාකාරයෙන් ඉටු කරනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ගම්පහ පිළිකුත්තුව විහාරස්ථානයේ 9 දින දහවල් පැවති මුල්ගල් තැබීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පැවසීය.

 පසුගිය රජයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වැනි අවංක රාජ්‍ය නිලධාරියෙකු හට වසර තුනක සිර දඩුවමක් ලැබීම ගැන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කණගාටුවට පත්වන බව පැවසීම ගැන රුවන් විජයවර්ධන මහතාගේ අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ කීය.

 මෙහිදී විජයවර්ධන මෙසේද පැවසීය.

  “ඇත්තෙන්ම ලලිත් වීරතුංග කියන්නෙ අපි කවුරුත් ගරු කරන රාජ්‍ය නිලධාරියෙක්. ඔහුට එවැනි දඩුවමක් ලැබීම ගැන අපි කවුරුත් සතුටු වන්නේ නැහැ. නමුත් ඔහු ඒ කාලෙදි හිටපු පාලකයින්ගේ බලපෑමට එවැනි වරදක් කර තිබේනම් යම්කිසි දඩුවමක් ඔහුට විදින්නට වෙනවා. රජයෙන් රුපියල් මිලියන 600 ක් ගෙන ඡන්ද  කාලෙදි සිල් රෙදි බෙදාදීම නීති විරෝධී ක්‍රියාවක්. මෙවැනි ක්‍රියාවකට එතුමා මුලිකත්වය ලබාදී තිබේනම් ඒ දඩුවමට යටත්වීමට සිදුව තිබෙනව. ඇත්තෙන්ම ජෝන් අමරතුංග අමාත්‍ය වරයා පැවසු ආකාරයටම ලලිත් වීරතුංග වැනි රාජ්‍ය නිලධාරියෙකු හට මෙවැනි දඩුවමක් ලැබීම ගැන අපිත් කණගාටු උනත් මෙය අධිකරණයෙන් ලබා දුන් දඩුවමක් . නීතියට අපි හිස නැමිය යුතුයි.

 එදා හිටපු පාලකයින් තමයි මේ මුදල් ගෙන තිබෙන්නෙ. මැතිවරණ ජයග්‍රහණය සදහා ජනතාවගේ මුදල් ගෙන භාවිතා කර තිබෙනව. එදා සිටි පාලකයින්ගෙ බලපෑමකට තමයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන නිලධාරීන් මෙය සිදු කර තිබෙන්නෙ. නමුත් මෙතැන ප්‍රශ්ණය තිබෙන්නෙ වැරැද්ද දැන දැන ඒ බලපෑමට කළාද කියන එකයි.

 එතැන තමයි අපි කණගාටු වෙන්නෙ මේ දෙදෙනා ගැන. එතුමලා බලපෑමට එම ක්‍රියාව කරන්න ඇති. නමුත් වැරදි වැඩක් කියා දැනගෙනත් ඒ බලපෑමට කර තිබෙන නිසා තමයි මේ දඩුවම ලැබිල තියෙන්නෙ.

මෙම දඩුවම නිසා රාජ්‍ය නිලධාරීන් කල්පනා කර දේශපාලකයින්ගේ බලපෑමට යටත් නොවී හරියාකාරයෙන් රාජකාරීන් කරාවි. අපි බලන්නෙ රට හරි මාර්ගයකට ගේන්නයි. දුෂණයෙන් තොරව රට ගෙන යා යුතුයි. වසර දෙකක් තුල යහ පාලන ආණ්ඩුව කටයුතු කරගෙන යාමේදී පැමිණි ප්‍රශ්ණ ගැටලු පහව ගොස් ඇති නිසා ඉදිරියේදී සාර්ථකව කටයුතු කරගෙන යාමට හැකි වේවි.”

ගම්පහ තිලකරත්න දිසානායක සහ කිරිදිවැල උපාලි රණවීර

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *