“දැන් ඔය ගොල්ලන්ට තියෙන්නේ සාධුකාර දෙන්න විතරයි.”…..දවස් 24ක් නඩුව විභාග වුනා මහින්ද පලාතේ ආවේ නෑ….දැන් විරයා වෙන්න හදනවා…

1

අද (13)කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි,කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සමයේ සිදුකල සිල් රෙදි බෙදාදීම සහ ඒ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තින්දුව පිළිබදව හිටපු ජනාධිපතිවරයා කල ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.

“ඉස්සල්ලම මම කියන්නම්කෝ සිල් රෙදි බෙදපු හැටි. පොඩ්ඩක් අහගන්නකෝ සීල සමාධි ප්‍රඥා ආදි ධර්ම මාර්ගයේ පියවරෙන් පියවරට ගමන් කිරීමට, සියළු කුසල ක්‍රියාවන් වල නිරත වී ගුණ ධර්ම රැස් කිරීමට, දුක්  දොම්නස් වලින් මිදී අධ්‍යාත්මික සුවයෙන් සිත් සතන් සනහාලීමට, අවසානයේ බුදු, පසේ බුදු මහරහතන් වහන්සේලා නීවී සැනසි පැමිණ වදාල නිවන් සම්පත් සාක්ෂ්‍යාර්හ් කර ගැනීමට කැමති සියළු පිංවතුන් වෙත තමයි මේක බාර දීලා තියෙන්නේ. දැන් ඔය ගොල්ලන්ට තියෙන්නේ සාධුකාර දෙන්න විතරයි.”

මෙහිදි මාධ්‍යවේදියෙක් විමසා සිටියේ තමන් අදාළ නියෝගය කළ බවට හිටපු ජනාධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳවය. එයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“එතුමාට ඔය ප්‍රකාශය කරන්න තිබුණේ නඩු තීන්දුවට කලින්. මිනිස්සු හිරේ ගියාම කියනවා මමයි මේක කළේ මේක වරද්දක් නෙමෙයි කියලා. දැන් වරද්දක් කියලා ඔප්පු වෙලා තියනවා නේ එහෙනම් වැරැද්ද කළේ එයා එයා නැහැයි කියලා කිව්වාට. දවස් 24 ක් මේ නඩුව විභාග වුණා. ඒ දවස් විසි හතරෙන් එක දවසක් හරි උසාවියට ඇවිත් එයාට කියන්න තිබුණා. එතකොට අධිකරණය ඒකට ඉඩ දෙනවා. එහෙම කළේ නෑ. කරන් නැතුව ඉදලා දඩුවම් දීලා වැලිකඩට ගිහිල්ලා එන ගමන් කියනවා. ඒ තමයි එයාගේ වීරත්වය. හැබැයි දැන් පුළුවන් තව එක්කෙනෙකුට යන්න මේ ප්‍රකාශය උඩ නඩුවක් ෆයිල් කරන්න මෙයා පිළිගන්නවා නම් එයා කළේ කියලා. මෙයානම් නියෝග දුන්නේ එහෙනම් ඒ නියෝගය උඩ එයාවත් ගේන්න කියලා.”

1 COMMENT

Comments are closed.