මියන්මාර බෞද්ධයනි අප ඔබ සමගයි! “අසාද් සාලිගේ තුට්තු දෙකේ වැඩ ගැන සමා වෙන්න” ජාති හිතෛෂීහු මියන්මාර තානාපති හමු වී පවසති.

1

මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම් දුන්හ.

මේ අවස්ථාවේ මියන්මාර බෞද්ධ ජනතාව සමග ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අත්වැල් බැඳ ගන්නා බව ද ඔවුහු පැවසුහ. පසුගියදා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තවාදී කණ්ඩායමකගේ අශෝභන හැසිරීම පිලිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස තමන් ලජ්ජාවට පත්වන බව නියෝජිත කණ්ඩායම දැනුම් දුන්හ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව මේ ගැන මුනිවත රැක්කේය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩ බලන මියන්මාර තානාපතිතුමා පැවසුවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිට ඉංග්‍රීසි යටත්විජිත පාලකයන් බුරුමයට ගෙන යන ලද ජනකොටසක් (ඔවුන් රෝහින්ග්‍යා නමින් හඳුන්වා ඇත්තේ මෑතක සිටය; මියන්මාර පාලන අධිකාරිය සහ විද්වත්හු එම නම පවා ප්‍රතික්ෂේප කරති) යොදාගෙන ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කර මියන්මාර රාජ්‍ය අස්ථාවර කිරීමට පාර්ශව කිහිපයක් කටයුතු කරන බවත්, අන්තර්ජාතික මාධ්‍ය සහ සමාජ ජාලාවල පළ වූ ඇතැම් ජායාරුප මීට දශයකට පමණ පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ දී ලබාගත් ඒවා බවත්, මෙය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් බවත් ය.

මියන්මාර ජනාධිපතිතුමාට යැවීම සඳහා විශේෂ ලිපියක් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තානාපතිවරයාට බාර දුන්නේය. අතිපුජ්‍ය මාදුරුඔය ධම්මිස්සර හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, නීතීඥ රාජා ගුණරත්න, ශ්‍රී ලංකා-මියන්මාර මිත්‍රත්ව සංගමයේ සභාපති දේවකුමාර සේමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Rohingya violence

1 COMMENT

  1. මියන්මාර බෞද්ධ හාමුදුරැවරැ කැතිගා මරන සහ කැරපොත්තන් මෙන් ලමය් හදන සරනාගත මුස්ලිම් හැත්ත අපට එපා! මුස්ලිම් සවුදියට මකබෑවි පලයව්.
    We do not want barbaric Muslim refugee killers who breed like cockroaches and slay Myanmar Buddhist monks in our country. Bugger off to Muslim Saudi.

Comments are closed.