Home / Featured / නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකමිවරියට අමුතු සැලකිලි…වංචා,දුෂණ යටගසා සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුර දිමේ සුදානමක්!

නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකමිවරියට අමුතු සැලකිලි…වංචා,දුෂණ යටගසා සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුර දිමේ සුදානමක්!

නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකමි හෙලන් මිගස්මුල්ල මහත්මියට සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුර ලබා දිමට කටයුතු කිරිමට එරෙහිව නුවරඑළිය ප‍්‍රදේශවාසියෙක් දිස්ති‍්‍රක් ලේකමි කාර්්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නියලෙයි.

නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකමි වශයෙන් කටයුතු කරන හෙලන් මීගස්මුල්ල ඉදිරි සතියේදි සුරබදු කොමසාරිස් ජෙනරාල් තනතුරට පත් කිරිමට රජයේ ඇතැමි නිළධාරින් මේ වන විට කටයුතු කර ඇති බව පවසමින් එයට විරෝධය පා නුවරඑළියේ ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදිප් කමල් පෙරේරා දිස්ති‍්‍රක් ලේකමි කාර්්‍යාලයේ ප‍්‍රධාන ගේටිටුව අසල අද (14.09) උදැසන සිට විරෝධතා ව්‍යපාරයක් ආරමිභ කර තිබෙනවා.

දුෂණ කි‍්‍රයා ගණනාවක් සමිබන්ධයෙන් චෝදනා ලබා ඇති දිස්ති‍්‍රක් ලේකමිවරිය රාජ්‍ය පරිපාලන චක්ක‍්‍ර ලේකන හා රාජ්‍ය අයවැය චක්‍රලේඛ පවා උල්ලංඝණය කරමින් වංචා ගණනාවක් සිදුකර ඇති බවට රජයේ විගණන වාර්තා වලින් පවා හෙලිදරවිවි ඇති නිසා ඇයට මෙම නව තනතුර ලබා දිම සුදුසු නොවන බවයි ප‍්‍රදිප් කමල් පෙරේරා පවසන්නේ.

තවද ආපදා ණය ලබා ගත හැක්කේ උපරිම වශයෙන් රැපියල් දෙලක්‍ෂ පනස් දහසක මුදලක් බවත් එය මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරින්ට වඩා සෙසු නිළධාරින්ට ප‍්‍රමුඛතාවය ලබා දි එම ණය මුදල ලබා දිම වෙනුවට එම අනුමත මුදලට වඩා වැඩි මුදලක් දිස්ති‍්‍රක් ලේකමිවරිය ලබා ගෙන ඇති බවටද විරෝධතාවයේ නියලි සිටින ප‍්‍රදිප් කමල් පෙරේරා චෝදනා කරනවා.

තවද තොරතුරු දැන ගැනිමේ පනතට පටහැනිව අසත්‍ය තොරතුරු ලබා දෙමින් මෙවැනි දුෂණ ගණනාවකට සමිබන්ධ දිස්ති‍්‍රක් ලේකමිවරියට රජයේ මෙවන් උසස් තනතුරක් ලබා දිම සදාචාර සමිපන්න නොවන බවයි ප‍්‍රදිප් කමල් පෙරේරා මහතා පවසන්නේ. එම තනතුර ඇයට ලබා දිම සදහා මේ වන විට කැබිනටි අනුමැතියද ලැබි ඇති බව ප‍්‍රදිප් කමල් පෙරේරා චෝදනා කරනවා. මේ සමිබන්ධයෙන් අප නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකමි හෙලන් මිගස්මුල්ල සමිබන්ධ කර ගැනිමට උත්සහ කළත් එය ව්‍යාර්ථ වුණා.

රංජිත් රාජපක්ෂ -හැටන්

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

One comment

  1. phân phối chung cư vinhomes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *