Home / Featured / විස්ස විසිවේ..!!! දෙසැම්බර් මස 9 වැනිදා මැතිවරණයක්!

විස්ස විසිවේ..!!! දෙසැම්බර් මස 9 වැනිදා මැතිවරණයක්!

සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අදහස අතහැර දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කිරීමකට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නීති විශාරදයන් රජයට පෙන්වාදී තිබෙන නිසා 20 සම්මත කර ගැනීම අතහැර දැමීමට රජය තීන්දු කර තිබේන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන බදාදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබුනු අදාළ සංශෝධනය අත්හැර දැමිමට ආණ්ඩුව තීන්දු කර තිබේ.

මේ අතර 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව, පළාත් සභා තුනේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ලබන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නොවැම්බර් මස මුලදී ප්‍රකාශයට පත් කරනු ඇති බව කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කළා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මස දෙවන සතියේදී පැවැත්වෙනු ඇති අතර පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වුවද මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත යන පනත්ද සංශෝධනය කිරීමට නියමිතය.

සියලුම පළාත් සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේය-20වන සංශෝධනය සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රය

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...