Home / Featured / මාධ්‍ය ආයතනයක් අහන සිල්ලර කතා වලට උත්තර දෙන්න රජයට වෙලාවක් නැහැ

මාධ්‍ය ආයතනයක් අහන සිල්ලර කතා වලට උත්තර දෙන්න රජයට වෙලාවක් නැහැ

‘‘ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා ’’යැයි සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

‘පාතදුම්බර පුබුදුව’’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා..

පසුගිය සතිය තුල අපි දැක්කා සමහර මාධ්‍යයන් මධ්‍යම අධිවේගී මාර්ගය කඩාකප්පල් කරන්න හදනවා ඊර්ෂ්‍යාවට . මේක ඊර්ෂ්‍යාවක් . මේ ප‍්‍රදේශ වල සමහර අය ඉන්නවා මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න, කුමන්ත‍්‍රණය කරන අය . මොකද ඒ අයට අවුරුදු 20 ක් පමණ මධ්‍යම අධිවේගී මාර්ගය කරගන්න බැරි වුනා. පසුගිය රජය වසර 20 ක් රට පාලනය කලා. චන්ද්‍රිකා මැතිණිය අවුරුදු 10 ක් , මහින්ද රාජපක්ෂ අවුරුදු 10 ක් . ඒ අයට කරන්න බැරි වූ දේ මේ රජය කරනවා කියලා මේ මාර්ගයට නොයෙක් අවලාද නගනවා . ඒ අවලාද වලට ගරු අගමැතිතුමා පැහැදිලිව පිලිතුරු දුන්නා. පැය භාගයක් කථා කරලා පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දුන්නා.

එක්තරා මාධ්‍යයක් අහනවා මේ කොළඹ – නුවර අධිවේගී මාර්ගය හදන්නේ මොකටද කියලා . මේ වගේ සිල්ලර කතා වලට උත්තර දෙන්න රජයට වෙලාවක් නැහැ. ඔය මාධ්‍ය වලින් මෙහෙම පහර ගහන කොට මේ ව්‍යාපෘතිය සඳහා මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය වෙනවා. මේ හදන්නෙ භය කරන්න. මෙහෙම පහර පිට පහර දීලා මෙයට මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය ගන්වලා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවත්තන්නයි හදන්නේ. මම මේ අයට කියනවා මහනුවර අධිවේගී මාර්ගය කියන්නේ එසේ මෙසේ මාර්ගයක් නොවෙයි. ශ‍්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීමට එන මාර්ගයක් . එහෙම මාර්ගයක ඉදිකිරීම කඩාකප්පල් කරන්න උත්සාහ කිරීම පාපකර්මයක්.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...