Home / Featured / 20 වෙනි සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට….කිසිම වෙනසක් නෑ

20 වෙනි සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට….කිසිම වෙනසක් නෑ

හෙට(20) වැනිදා  20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් ඉදිරිපත් කරන බව සමාජ සවිබල ගැන්වීම, සුභසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්. බී දිසානායක අද (19)කොළඹ දි පැවති මාධ්‍ය හමුවකදි අනාවරණය කළා.

ප්‍රශ්නය; 20 වෙනි සංශෝධනය පිළිබඳව ගැටලුවක් තියනවා. මොකද්ද ආණ්ඩුවේ වැඩ පිළිවෙළ?

පිළිතුර; ගැටළුවක් තියන බව අපි කාටත් පේනවා. නමුත් පළාත් පාලන ඡන්ද ක්‍රමයටම එන්න ඕන. මහ ඡන්දයත් ඒ විදියටම තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමහර විට පළාත් සභා ඡන්ද පස්සට ගිහිල්ලා ප්‍රාදේශිය සභා ඡන්ද ඉස්සරහට එන්න පුළුවන්.

ප්‍රශ්නය; 20 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන එනවාද 20 වෙනි සංශෝධනය

“පාර්ලිමේන්තුව උදේ 9. 30 ට රැස්වෙනවා. 10.30 වෙන කොට මේ පනත් කෙටුම්පත අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක ගේන්නේ නෑ. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහිව සියළු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය. අන්න ඒ කෙටුම් පත ගේන්නේ නෑ. ඒක කල් දාලා තියනවා.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මතුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අද (19) මැතිවරණ කොමිසමේ සභාපති මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමු විමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා..

“යහපාලන මුද්‍රාව තබා ගත් මේ ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල් දැමීමට පිඹුරු පත් සකස් කරලා හමාරයි. ජූලි මාසයේ 26 වෙනිදා සභාගත කරපු මේ පනත හෙට ඉදිරිපත් කරලා කාරක සභා අවස්ථාවේදි සම්මත වෙන මොහොතේ මේ පනතට කිසිසේත්ම අදාළ නොවන සංශෝධන කිහිපයක් ගෙනවිල්ලා එය සම්මත කරගෙන එය හරහා පළාත් සභා ඡන්දය කල් දැමීමේ උත්සහයක තමයි ආණ්ඩුව නිරත වෙලා ඉන්නේ. මෙතනදි ආණ්ඩුව දැනුවත් ව බරපතළ වැරදි 2ක් කරනවා. පළවෙනි වැරැද්ද තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අභිබවා යන්න අගරු කරන්න කටයුතු කරනවා. දෙවැනි ඉල්ලීම පාර්ලිමේන්තුවෙන් මේ ගේන්න හදන විසකුරු සංශෝධනයට ඔබ ඉඩ දුන්නොත් පාර්ලිමේන්තුව මත සොහොන් ලකුණ තැබීමක් විදියට තමයි අපි අදුන ගන්නේ,”

S.B.Dissanayake

 

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...