Home / Featured / පාසල් කාලයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උද්ඝෝෂණ තහනම්…..අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක්

පාසල් කාලයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උද්ඝෝෂණ තහනම්…..අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක්

අධ්‍යාපන අමාත්‍යාංශය හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හෝ අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන්ගේ අවසරයකින් තොරව පාසල් කාලය තුළ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විවිධ උද්ඝෝෂණවලට සහභාගී කරවීම හෝ අනවසරයෙන් පාසල් භූමිය තුළට කිසිදු පුද්ගලයකුට ඇතුළුවීමට අවස්‌ථාව ලබා නොදිය යුතු බව පවසමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන්ට චක්‍ර ලේඛයක්‌ මගින් නියෝග කර තිබේ.

එම චක්‍රලේඛය පහත දැක්වේ…

අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන ක්‌ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්‌කරණ කටයුතු පිළිබඳව ඒ ඒ අමාත්‍යාංශ හා පළාත් අමාත්‍යාංශ විසින් දැනට මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින අතර නියමු මට්‌ටමේ ව්‍යාපෘතීන්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන් වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනට අවශ්‍ය නිපුණතා සංවර්ධනයට හා පුහුණුවට පෞද්ගලික අංශය දායක කර ගැනීම රජයේ අරමුණ වී ඇත.

දැනට ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ඉහත සඳහන් වැඩසටහන් පිළිබඳව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැරදි අවබෝධයක්‌ ලබා දීම අරමුණ කරගත් විවිධ බාහිර ශිෂ්‍ය සංවිධානයන් විසින් පාසල් ශිෂ්‍ය ප්‍රජාව නොමග යෑවීමට සංවිධානාත්මක වැඩසටහනක්‌ ක්‍රියාත්මක බව දැන ගන්නට ලැබී ඇත. මෙය පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක්‌ වනවා මෙන්ම පාසල් සිසුන්ගේ විනය පවත්වා ගැනීමට ද ගැටලුවක්‌ වී ඇත.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අමාත්‍යාංශය හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ, අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව කිසිම පාසලක සිසුන් පාසල් කාලය තුළදී පාසලෙන් පරිබාහිරව හෝ විවිධ උද්ඝෝෂණ වැඩසටහන්වලට සහභාගීවීමට අවස්‌ථාව ලබා නොදිය යුතු අතර පාසල් තුළට අවසරයකින් තොරව බාහිර පුද්ගලයන් හෝ කණ්‌ඩායම් ඇතුළුවීම හා පන්ති කාමරවලට ගොස්‌ සිසුන් ආමන්ත්‍රණය කිරීමට හා ගුරුභවතුන් හමුවීමට අවස්‌ථාව ලබා නොදිය යුතුය. එසේම අනවසරයෙන් පාසල් භූමියට යම් කිසි පුද්ගලයකු හෝ පුද්ගලයින් කණ්‌ඩායමක්‌ ඇතුළු වන්නේ නම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති පොලිස්‌ ස්‌ථානයට දැනුම් දී පාසල් දරුවන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීමට සහ පාසලේ දෛනික කටයුතු පවත්වා ගැනීමට පියවර ගත යුතු වේ.

එමෙන්ම, ඔබගේ විශේෂ අවසරයකින් තොරව මෙවැනි කිසිම රැස්‌වීමක්‌ හෝ සාකච්ඡාවක්‌ පාසල ඇතුළත නොපැවැත්වීමට වගබලා ගන්නා ලෙස සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස්‌ ලබා දිය යුතු අතර එම උපදෙස්‌ නොපිළිපැදීම නිසා ඇතිවන කුමන හෝ ආකාරයක අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව ඒ ඒ විදුහල්පතිවරුන් පෞද්ගලිකවම වගකිව යුතු බව ද දැනුම් දීමට ද කටයුතු කරන්නේ නම් මැනවි.

සයිටම් විරෝධී ජනතා පවුර සංවිධානය මාළබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හෙට(21) දින රටපුරා විරෝධතා දියත් කර තිබේන අතර එම විරෝධතා සදහා පාසල්ද සම්බන්ධ කර ගැනිමේ උත්සහයක් තිබේන බවට තොරතුරු වාර්තා වි තිබුනා.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...