සිවිල් සමාජ සාමාජිකයින් බිය ගන්නවලා…එක්සත් ජාතින්ගෙන් තවත් චොදනාවක්!

0

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් ඇන්ඩෲ ගිල්මර් විසින් නිකුත් කරන ලද වාර්තාවක සිවිල් සමාජ සාමාජිකයින් බිය ගැන්වීමට එරෙහිව ශ්‍රි ලංකාවට චෝදනා එල්ල වී තිබේනවා.

2017 මාර්තු 22 දින මානව හිමිකම් කවුන්සිලය අමතමින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවසා සිටියේ ජීනීවා වල එක්සත් ජාතින්ගේ කාර්යාලයේදි සිවිල් සංවිධාන සාමාජිකයන් ලංකාවේදි  ඔවුන් බිය ගැන්වීමට පත් වූ බව අසා කම්පාවට පත් වී ඇති අතර එම නිසා ඔහු මෙය සහකාර මහලේකම්වරයා වෙත යොමු කර ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙනවා.

කවුන්සිලයේ සභාපතිවරයා මෙම සිදුවීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි සහකාර මහලේකම්වරයා විශ්වාසය පළ කරනවා.  මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිවරයා සිය  (A / HRC / 34/20) වාර්තාව මගින් අවධාරණය කර ඇත්තේ මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ගේ හා මානවහිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන්ගේ අතවරවලට ලක්වීම හෝ නිරීක්ෂනය කිරීම පිළිබඳ වාර්තා අඩු මට්ටමක පවතින බවයි.

නමුත් පසුගිය 2017 මාර්තු මස 22 වැනි දින මානව හිමිකම් කවුන්සිලයේ දී ඉහත සියලු චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් ලංකාව පවසා සිටියේ  සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා බිය ගැන්වීම් නොමැති නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණ ලංකාවේ ඇති බවයි.

එසේම මානවහිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසිවාරය අමතමින් එස් ගනේෂානන්ද සහ අනෙකුත් සිවිල් සමාජ සමාජිකයන්ද මෙවැනි බිය වැද්දීම් පිළිබඳව පැමිණිලි කවුන්සිලය වෙත ලබා දී ඇත. ඒ අනුව පසුගිය මාර්තු 7 සහ 9 යන දින දෙකදි මානවහිමිකම් කවුන්සිලය අමතමින් ගනේෂානන්ද මෙම වාර්තාවන් ලබා දී ඇති අතර 2017 මාර්තු 11 වෙනි දින කල්මුනේ පොලිස් ස්ථානයට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කල්මුණේ ඔහුගේ නිවසට පැමිණ ඔහුගේ ඥාතීන්ට තර්ජනය කර ඇත. 34 වෙනි සැසිවාරයට සහභාගි වීම නිසා ගනේෂානන්ද වෙත එල්ල වූ මෙම බිය ගැන්වීම් සහ තර්ජනයන් පිළිබඳව විශේෂඥයින් විසින් විශේෂ අවධානය යොමු කර ඇත.

කෙසේවෙතත් මෙම වාර්තාවේ අවසානය සකසන විටත් ලංකාවේ රජයෙන් එම සිදුවීම පිළිබඳව තම ප්‍රතිචාරය දක්වා නොමැති බවයි අදාළ වාර්තාව දක්වා සිටියේ.

“කූඩුවල රඳවා තබන කැනරි කුරුල්ලන් විෂ යොදා ඔවුන්ව නිහඩ කරවන තුරු නිර්භීතව  ගීත ගායනා කරන්නක් මෙන් මිනිසුන්ට එරෙහිව ඔවුන්ගේ අයිතිවාසිකම් වලට හා ඔවුන්ගේ ආත්මාභිමානය පසුපසට ඇදීම අප දකින්නේ ඉතා අඳුරු අනතුරු දැක්වීමක් ලෙසය”, තම වාර්තාව ඉදිරිපත් කරමින් සහකාර මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

UN Assistant Secretary-General for Human Rights Andrew Gilmour