Home / Featured / අනේ පව් … ෆොන්සේකාව ජනාධිපති දාලා ගිහින්….ලැජ්ජාවෙන් බේරෙන්න බොරු කියලා

අනේ පව් … ෆොන්සේකාව ජනාධිපති දාලා ගිහින්….ලැජ්ජාවෙන් බේරෙන්න බොරු කියලා

තමන්ට එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්ෂික සැසි වාරයට සහභාගි වීමට නොහැකි වුණේ අපේ රණවිරුවන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා වීසා ප්‍රතික්ෂේප වුණු නිසා යැයි ඇමති ෆොන්සේකා රටට පැවසුවද එය ඔහුගේ නම්බුව බේරා ගැනීමටත් රණවිරුවන්ට අපහාස කිරීමටත් ඇමති ෆොන්සේකා ගෙතූ බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

“එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඇමෙරිකාවේ පිහිටු වීමේ එක් ප්‍රබල කොන්දේසියක් තමයි සියළුම සාමාජික රටවල නියෝජිතයින්ට එක්සත් ජාතින්ගේ සැසි වාරයන්ට සහභාගි වීමට කොන්දේසි විරහිතව වීසා නිකුත් කිරීම. එක්සත් ජාතින්ගේ වීසා ඇමෙරිකානු වීසා වලින් වෙනස්. ඒ වීසා වලින් සංචාරය කළ හැක්කේ නිව්යෝර්ක් නගරයේ පමණයි.”

“මේ කොන්දේසියට ගරු කරලා මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ යුද අපරාධ පිලිබඳ බරපතල චෝදනා එල්ල වුණු පොල් පොට්, සුන් යත් සෙන්, සදාම් හුසේන් වැනි අයටත් ඇමෙරිකාව වීසා ලබා දීලා තිබෙනවා. උග්‍ර ඇමෙරිකානු විරෝධින් වන මුවම්මර් ගඩාපි සහ පිදෙල් කැස්ත්‍රෝටත් වීසා දීලා තිබෙනවා. එහෙම නම් ෆොන්සේකා ඇමතිතුමාට විතරක් වීසා නොලැබුණේ ඇයි?”

“ෆොන්සේකා ඇමතිතුමාට වීසා ප්‍රතික්ෂේප කිරීමක් ඇත්තටම සිදු වෙලා නෑ. ඇත්තටම වුණේ ජනාධිපතිතුමා එතුමාව දාලා ගිය එකයි. මේ යෝධයා මහ සංඝ රත්නයට බැන බැන ඉන්න අතරේ මම මෙයාව ඇමෙරිකාවේ අර ගෙන ගියොත් මම හාමුදුරුවන්ට බනින නිසා තෑග්ගට ඇමෙරිකාවේ අරන් ගියා කියලා සිතාවි කියලා ජනාධිපතිතුමා ෆොන්සේකා ඇමතිතුමාව සිය නිල ධූත පිරිසෙන් ඉවත් කළා. කෙටියෙන් කිව්වොත් හැලුවා. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි වීසා ලැබුණේ නෑ කියලා රටට බොරු කිව්වේ.”

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...