Home / Featured / දෙසැම්බර් 9 වැනිදා මැතිවරණය තියෙනවාද? නැද්ද?

දෙසැම්බර් 9 වැනිදා මැතිවරණය තියෙනවාද? නැද්ද?

නිශ්චිත වශයෙන්ම සබරගමුව, නැඟෙනහිර සහ උතුරු මැද පළාත් සභාවන්හි මැතිවරණය දෙසැම්බර් 9 වැනිදා පැවැත් වෙන්නේද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව ප්‍රකාශයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඊයේ (21) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා සදහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම නිශේධ වන ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නැවත වතාවක් යෑමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරන බවද් ඔහු අවධාරණය කළා.

 

 

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...