Home / Featured / අන්තර්ජාලයේ අපරාධ වංචා සොයන්න Cyber crime

අන්තර්ජාලයේ අපරාධ වංචා සොයන්න Cyber crime

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා Facebook හරහා සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

පරිගණක ඇසුරෙන් සිදුකෙරෙන අපරාධ, වංචනික ක්‍රියා, ලිංගික අපයෝජනයන්, හිරිහැර ආදිය සම්බන්ධයෙන් (Cyber crime) නමැති මෙම ඒකකයට ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දිය හැකි බව ‍පොලිස් මූලස්ථානය පවසයි.

කාන්තා ‍පොලිස් අධිකාරි ආර්.ඒ. දර්ශිකා කුමාරි යටතේ පවතින මෙම ඒකකයට 011-2326979 යන දුරකථන අංකය ඔස්සේ සෘජුවද 011-2320141 යන දිගුව ඔස්සේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයට සම්බන්ධ වී මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර නැතහොත් ළඟම පිහිටි ‍පොලිස් ස්ථානය වෙත පැමිණිලි යොමු කරන ලෙස ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවැසීය.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...