Home / Featured / දූෂණ විරෝධි මහාධිකරණ තුනක් කොළඹට!

දූෂණ විරෝධි මහාධිකරණ තුනක් කොළඹට!

බරපතල වංචා දූෂණ වල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව පවරන නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සමන්විත දූෂණ විරෝධි මහාධිකරණ තුනක් කොළඹ ස්ථාපිත කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා පවසයි.

ඊයේ (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් නී.අමාත්‍යවරයා සදහන් කළේ රුපියල් මිලියන පහකට වැඩි‍යෙන් වංචා කරන පුද්ගලයින්ට එරෙහිව නඩු නඩු විභාග කිරීමට හා අල්ලස් , වත්කම් , දූෂණ,කූඨ ලේඛණ සැකසීම , වංචාව, සාපරාධි සාවද්‍ය පරිහරණය ,හා සාපරාධි විශ්වාසය කඩකරන මහා පරිමාණ වංචනිකයින්ට එරෙහිව නඩු විභාගය සඳහා විශේෂ අධිකරණ ස්ථාපිත වියයුතු බවයි.

නෛතික කටයුතු ( දූෂණ විරෝධි) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා සදහන් කළේ අවම වශයෙන් මහාධිකරණ පහක්වත් අලුතෙන් ස්ථාපිත වියයුතු බවයි.

අතීතයේ , අනාගතයේ සිදුකළ වංචා පමණක් නොව වර්තමානයේ කොමිෂන් පරික්ෂණයක් සිදුවන බැඳුම්කර සිද්ධියේ අපරාධමය වරදක් සිදුව ඇතිබවට නීතිපතිවරයා තීරණය කරන්නේ නම් එම නඩු විභාගයද මෙම විශේෂ අධිකරණ වල විභාග කළහැකි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...