මියන්මාරයට එපා වු …..ලංකාවට ඇලජික් වු.. රෝහින්ග්‍යා(Rohingya) කවුද?

0

රෝහින්ග්‍යා(Rohingya) ගැන මේ දිනවල රට ඇතුලේ නිරන්තර කතාබහට ලක්වෙනවා.රෝහින්ග්‍යා අර්බුදය හේතුවෙන් නැවතත් මුස්ලිම් ජනතාව දිහා බහුතර ජනතාව බලන්නේ සැකයෙන්….ඇත්තටම  කවුද මේ රෝහින්ග්‍යා කියන්නේ….

රෝහින්ග්‍යා ජන කොට්ඨාශය නිතරම අර්ථ කථනයට ලක් වෙන්නේ ලෝකයේ වැඩිපුරම හිංසනයට ලක් වෙන සුළුතර ජන කොට්ඨාශය විදියටයි.

එය සියවස් ගණනාවක් පුරා බෞද්ධයන් බහුතරය ලෙස ජීවත් මියන්මාරයේ විසිරි සිටින බහුතරයක් දෙනා මුස්ලිම්වරුන් වන වාර්ගික කොට්ඨාශයක් වේ. වර්තමානය වන විට දකුණු හා නැගෙනහිර ආසියාතික රටවල් වල මිලියන 1.1 කට අධික රෝහින්ග්‍යා ජනතාවක් විසිරී පවති.

රක්හිනි දේශයේ හා මියන්මාර දේශයේ  අනෙක් වැසියන් විසින් කතාකරන භාෂාවෙන් වෙනස් උප භාෂාවක් වන රෝහින්ග්‍යා හෝ රූයෙන්ග්‍යා භාෂාව රෝහින්ග්‍යා ජනතාව කතාකරනු ලබයි. මියන්මාරයේ ජීවත් වන 135 වන වාර්ගික කොට්ඨාශ අතරින් එකක් ලෙස හෝ මෙම  රෝහින්ග්‍යා ජනතාව පිළිගනු නොළැබෙන අතරම  1982 සිට රාජ්‍යයක පුරවැසියන් නොවන පිරිසට සාධනීය වශයෙන් හිමි වන මියන්මාරයේ පුරවැසිබව ද මෙම පිරිසට අහිමිව ඇත.

ආසන්න වශයෙන් සියළුම රෝහින්ග්‍යා වැසියන් බටහිර වෙරළබඩ රුක්හිනි දේශයේ ජීවත් වන අතර ඔවුන් එහි ජීවත් වන්නේ ද මියන්මාර රජයේ කිසිදු අනුමැතියකින් තොරවය. එය මියන්මාරයේ පිහිටා ඇති දුප්පත්ම රාජ්‍යයක් වන අතරම ගුබ්බෑයම් වැනි කදවුරු වලින් සමන්විත වන අතරම ඒවා මූලික පහසුකම් අවම වශයෙන් වත් නොමැති වාසස්ථානයන් වේ.

Rohingya refugees walk on the muddy path after crossing the Bangladesh-Myanmar border in Teknaf, Bangladesh, September 3, 2017. REUTERS/Mohammad Ponir Hossain

රෝහින්ග්‍යා ආවේ කොහි සිටද?

බොහෝ ඉතිහාසඥයින්ට හා රෝහින්ග්‍යා   කණ්ඩායමට අනුව 12 වෙනි සියවස තරම් ඈත යුගයේ සිට මුස්ලිම්වරුන් මියන්මාරය නමින් හැදින්වෙන ප්‍රදේශයේ ජීවත් ව ඇත. Arakan Rohingya National Organisation නම් සංවිධානය පවසා සිටින්නේ ” රෝහින්ග්‍යා අරකන්  නම් වූ ප්‍රදේශයේ ජීවත් වන්නේ මතකයෙන් ඔබ්බට දිව යන කාල සීමාවක තරම් සිට බවත් එම ප්‍රදේශය අද වන විට රක්හිනි නමින් හදුන්වනු ලබන බවත් ය”

1824-1948 දක්වා වන බ්‍රිතාන්‍ය පාලන සමය තුළ අද මියන්මාරය නමින් හදුන්වන ප්‍රදේශයට සැළකිය යුතු තරම් ප්‍රමාණයක් සංක්‍රමණික කම්කරු ජනතවක් ඉන්දියාව හා බංගල්දේශය ලෙස අර්තමානයේ හදුන්වන ප්‍රදේශ වලින් පැමිණ ඇත. මෙයට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසින් මියන්මාරය ද ඉන්දියාවේ කොළනියක් ලෙස සලකා පරිපාලනය කිරීමයි. හියුමන් රයිටි වොච් සංවිධානයට අනුව මෙම සංක්‍රමණයන් මේ හේතුව නිසා ම අභ්‍යන්තර සංක්‍රමණයන් ලෙස හදුනා ගත හැකිය. එසේම මෙම සංක්‍රමණික කම්කරුවන් දිහා එරට පුරවැසියන් බලනු ලැබූවේ ඝaණාත්මක ලෙසටය.

නිදහස ලබා ගැනීමෙන් අන්තුරුව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ගෙන එන් ලැබූ මෙම සංක්‍රමණිකයන් ව මියන්මාර රජය හදුනා ගනු ලැබූවේ ඔවුන් අනවසර සංක්‍රමණික කම්කරුවන් බවත් එම හේතුව නිසා ම මියන්මාරයේ පුරවැසිබව ලබා දීමට හැකියාවක් නොපවතින බවත් ය.

මෙම හේතුව නිසාම බොහෝ බෞද්ධයන් රෝහින්ග්‍යා යනු වර්තමානයේ ජීවත් විමට නුසුදුසු වංග දේශයේ වැසියන් ලෙසට සැළකීමට පටන් ගත් අතරම එම මතවාදය දේශපාලන හේතුන් මත ගොඩ නැගුණක් විය.

රෝහින්ග්‍යා ජනතාව හිංසාවට ලක් වන්නේ ඇයි? හා කෙසේද? ඔවුන්ව පිළිගැනීමට නොහැකි වන්නේ ඇයි?

1948 මියන්මාරය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගෙන ටික කලෙකින් එරට පුරවැසි පනත සම්මත විය. එම පනත මගින් කුමන වාර්ගික කොටස් වලට මියන්මාරයේ පුරවෙසි බව ලබා ගැනීමට හැකියාවක් ඇති ද යන කරුණ පෙන්වා දෙන ලදි. 2015 යේල් නීති විද්‍යාලය මගින් පවත්වනු ලැබු මානවහිමිකම් සායනුක වැඩ සටහනේ වාර්තාව අනුව මියන්මාරයේ පුරවැසි පනත තුළ් රෝහින්ග්‍යා වාර්ගික කණ්ඩායම ඇතුලත් නොවේ. කෙසේනමුත් පරම්පරා දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මියන්මාරයේ ජීවත් ව සිටින පවුල් වලට හැදුනුම්පත සඳහා ඉලීමක් කිරීමට ඉඩ සලසා ඇත.

මූලික වශයෙන්ම රෝහින්ග්‍යා සතුව පවතින්නේ පරම්පරාව පදනම් කර ගනිමින් හිමි වූ හදුනා ගැනීමේ සාධකයක් පමණි. 1962 මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව රෝහින්ග්‍යා වාර්ගික කණ්ඩායම වෙනුවෙන් පැවති තත්ත්වය නාට්‍යානුසාරීව වෙනසකට භාජනය විය. සියළුම පුරවැසියන් අයදුම් පතක් ලබා ගැනිම අවශ්‍ය විය. රෝහින්ග්‍යාට හිමි වූයේ විදේශීය අයදුම් පතක් පමණි. එම හැදුනුම්කමත් සමග ඔවුනට හිමි වූයේ සීමිත රැකියා අවස්ථා හා සීමිත අධ්‍යාපන අවස්ථා පමණි.

1982 දි නව පුරවැසි පනත සම්මත වීමත් සමගම රෝහින්ග්‍යා පුරවැසිභාවය නොමැති පිරිසක් බවට නම් කරන ලදි. පෙර ලෙසම මෙම පනත මගින් යලිත් වරක් රෝහින්ග්‍යාවරුන් මියන්මාරයේ ජන වර්ග 135 තුළට ඇතුලත් කර ගනු නොලැබීය. නව නීතිය තුන් මට්ටමට පුරවැසිභාවයන් හදුන්වා දෙනු ලැබීය. එයට අනුව ඉතා මූලික පුරවැසිබව වන රටවැසියනය කරගත් පුරවැසි බව (naturalised citizenship) සඳහා අදාළ පවුල 1948 ට පෙර සිට මියන්මාරයේ ජීවත් වන බවට ඔප්පු කර දැක්විය යුතු විය. එසේම ඔවුන් ජාතික භාෂාවන්ගෙන් එක් භාෂාවක් පිළිබඳවහෝ මනා ව්‍යක්තභාවකින් සිටිය යුතුය. බොහෝ රෝහින්ග්‍යාවරුන් ලිපි කටයුතු වලට නිපුණතාවයක් නොදක්වයි. මන්දයත් එක්කෝ එම සේවාවන් ඔවුන්ට හිමි නොවීම හෝ එම ඒවාවන් ඔවුන්ට තහනම් කිරීම හේතුවෙනි.

නීතියේ ප්‍රතිඵලයක් ලෙස ඔවුනට ඉගනීමට, රැකියාවක් නිරත වීමට, ගමනාගමනයේ යෙදීමට, විවාහ වීමට, ඔවුන්ගේ ආගම ඇදහීමට, සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවිශ්ඨ වීමට ඇති අවස්ථාව නොනවතින ලෙසම සීමාවට පාත්‍ර වී ඇත. රෝහින්ග්‍යාවරුන්ට ඡන්දය භාවිතා කිරීමට හැකියාවක් නොමැති අතර එලෙස සිදු වුණා නම් අවම වශයෙන් ඔවුන්ට පුරවැසිබවේ වලල්ල තුළට පැනීමට හෝ අවකාශයන් හිමි වීමට ඉඩ තිබුණි. මියන්මාර්වරුන් පුරවැසියන් ලෙස සැළකීම පවා සිදු කරනු ලබන්නේ රෝහින්ග්‍යාවරුන්ට විරුද්ධ වෙමිනි. එමගින් ඔවුනට වෛද්‍ය සේවය, නීති කේෂ්ත්‍රය හා කාර්යාල සේවය වැනි වෘත්තීමය සේවාවන්ට ප්‍රවිශ්ඨ වීමට ඇති ඉඩ කඩ සිමා කර ඇත.

70 දශකයේ සිට රක්හිනි දේශයේ රෝහින්ග්‍යා ජන ප්‍රමාණය අඩු කිරීම සඳහා ඔවුන්ව හදිසි වැටලීම වලට යටත් කොට ඔවුන්ට බලහත්කාරයෙන් බංගලිදේශයට පළා යාමට බල කරනු ලැබීය. මෙම මියන්මාරය මෙන්ම තායිලන්තය ඇතුළු අනෙකුත් නැගෙනහිර ආසියානු රටවල් මගින් ද සිදු කරනු ලැබීය.  මෙම හදිසි වැටලීම් වලදි මියන්මාර හමුදාවන් මගින් රෝහින්ග්‍යාවරුන් දූෂණයට, කෲර සැළකිලිවලට, ගිනි තැබීම් වලට හා සාතනයට ලක් වීම් වලට ගොදුරු වනු ලැබීය.

2016 ඔක්තෝබර් මාසයේ දී දේශසීමා මායිම් පොලිස් භටයන් නවයක් මරා දැමීමෙන් පසුව රක්හිනි දේශයේ ගම්මාන වලට හමුදාව ඇතුළු විය. මියන්මාර රජය චෝදනා එල්ල කරනු ලැබුවේ අවි ගත් රෝහින්ග්‍යා සටන්කාමින් පිරිසකටය. එම නිසා මෙම ඝාතනයන් රෝහින්ග්‍යාවරුන් ජීවත් වන ප්‍රදේශයට ආරක්ෂක කඩා පැනීම් සිදු කිරීමට හේතු විය. මෙම මෙහෙයුම් වලදි රජයේ ආරක්ෂක අංශ මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන්ගණනාවකට හේතු විය. එම සිදුවීම් අතර ඝාතනයන්, දූෂණය කිරීම සහ ගිනි තැබීම් තිබූ තර මියන්මාර රජය විසින් එම සියළු චෝදනාවන් ප්‍රතිකේෂ්ප කරනු ලැබීය.

2016 යේ නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින් විසින් රෝහින්ග්‍යා වාර්ගික කණ්ඩායම පවිත්‍රකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් මියන්මාර රජයට චෝදනා එල්ල කළ අතර එය එවැනි චෝදනාවන් මියන්මාර රජයට එරෙහිව එල්ල වූ ප්‍රථම අවස්ථා ද නොවීය.

පසුගිය අගෝස්තු මාසයේදි මියන්මාර පොලිසියේ මුර පොළක් හා හමුදා කදවුරක් එම ප්‍රදේශයේ ස්ථාපනය කිරීම රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදු කළ ආසන්තම ක්‍රියාව ලෙස හදුන්වා දිය හැකිය. හමුදාව විසින් කිසිදු වග විභාගයකින් තොරව ආයුධ නොමැති රෝහින්ග්‍යා ළමුන්ට, කාන්තාවන්ට හා පිරිමින්ට වෙඩි තැබු බවට එහි ජීවත් වන්නන් හා ක්‍රියාධරයින් විසින් එම සිදුවීම හදුන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් මියන්මාර රජය සඳහන් කළේ Arakan Rohingya Salvation Army (ARSA) සංවිධානයේ අවිගත් පුද්ගලයන් විසින් එල්ල කළ ප්‍රහාරයට පොලිසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර  හමුවේ සීයකට ආසන්න රෝහින්ග්‍යාවරුන් පිරිසක් ඝාතනයට කල් වූ බවයි.

එම මානවහිමිකම් උල්ලංඝනය පිළිබදව ගවේෂණය කළ මානවහිමිකම් සංවිධානවල වාර්තාවන් අනුව මියන්මාරයේ රක්හිනි දේශය පුරා අඩුම වශයෙන් ස්ථාන 10 කදී වත් මෙවැනි වෙඩි තැබීම් සිදු වූ බවයි. ලක්ෂ 4කට අධික පිරිසක් මෙම ප්‍රචණ්ඩත්වය නිසා පලා ගොස් ඇති අතර එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලය පවසා සිටින්නේ දෙරට අතර ඇති මිනිසුන් මුක්ත කලාපය (No Man Zone) තුළ තවත් දහස් ගණනක් හිරවී ඇති බවය.

එසේම එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා සිටින්නේ දහස් ගණනින් බංගලාදේශයට ඇතුලත් වීමට උත්සහ කළ සිවිල් වැසියන්ව එරට දේශ සීමා බටයින් විසින් පළවා හැර ඇති බවය.  ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රදවා ගෙන ඇති අතරම කොටසක් බලහත්කාරයෙන් නැවත මියන්මාරය වෙතම යවා ඇත.

කොතරම් රෝහින්ග්‍යාවරුන් පිරිසක් මියන්මාරය අතහැර ගොස් ඇතිද? ඔවුන්ව එසේ පලා යාමට සිදු වූයේ ඇයි?

1970 දශකයේ සිට මිලියනයකට ආසන්න රෝහින්ග්‍යාවරුන් පිරිසක් වඩාත්පුළුල් ලෙස පැතිරුණු වඩ හිංසාවන් නිසා මියන්මාරය අතහැර ගොස් ඇත. එසේම එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉතාම ඈතකදි ලැබි ඇති සංඛ්‍යා දත්ත අනුව 2012 සිට 168,000 පමණ රෝහින්ග්‍යා ජනතාවක් මියන්මාරය අතහැර ගොස් ඇත.

පසුගිය වසර පුරාම සිදු වූ හිංසාවන් හේතුවෙන් 2016 ඔක්තෝබර් මස සිට 2017 ජූලි මාසය දක්වා 87,000කට අධිඅක් රෝහින්ග්‍යා ජනතාවක් බංගලිදේශය වෙත පළා ගොස් ඇත.

එසේම බොංගාලි බොක්ක හා අන්දමන් මුහුද හරහා මැලේසියාවට බෝට්ටුවෙන් සංක්‍රමණයව් ඊමට උත්සහ කිරීමේදි බොහෝ රෝහින්ග්‍යාවරුන්ට තම ජීවිතය පිළිබඳව අවධානම දැරීමට සිදු වී ඇත. 2012-2015 කාලයේ 112,000 කට අධික පිරිසක් මෙම භයානක සංචාරයට සහභාගි වී ඇත.

අවුන් සාන් සූකී සහ මියන්මාර රජය රෝහින්ග්‍යා ජන කොට්ඨාස හැන කියන්නේ මොනවාද?

මියන්මාර රාජ්‍යයේ තත්වාකාර නායකයා ලෙස කටයුතු කරන අවුන් සාන් සූකි මේ රෝහින්ග්‍යා ජනතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තරයේම ප්‍රතිකේෂ්ප කොට තිබෙනවා. එසේම රෝහින්ග්‍යා යන ජනවාර්ගික කොටසක පැවතීම හා රික්හිනි දේශයේ පුරා සිදුවන් ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ චෝදනා තරයේ ප්‍රතිකේෂ්ප කරනු ලබනවා. මියන්මාර රජය නැවත නැවතත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි චෝදනාවන් ප්‍රතිකේෂ්ප කළද 2017 පෙබරවාරි මස එක්සත් ජාතින් විසින් නිකුත් කළ වාර්තාවන් අනුව මියන්මාරයේ රාජ්‍ය හමුදාව 2016 සිට කරනු ලබන හමුදා සෝදිසි කිරීම් වලදි හා හදිසි වැටලීම් වලදී මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරන අපරාධ වලට වගකිව යුතු බව පෙන්වා දී තිබෙනවා.

එම අවස්ථාවේදි මියන්මාර රජය සaජුවම වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ නොකළ ද වර්ධනය වෙමින් පවතින ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව සිය රට නීත්‍යානුකූල ආරක්ෂා කිරීමට තමන්ට අයිතියක් ඇති බව පෙන්වා දෙන ලදි. එසේම ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් ප්‍රමාණවත් බවද පවසා ඇත.

2016 සැප්තැම්බර් මස දි අවුන් සාන් සූකි විසින් හිටපු එක්සත් ජාතින්ගේ මහලේකම් කොෆී අනන්ට අදාළ ප්‍රදේශය පුරා දීර්ඝකාලිනව පැතිරි පවතින මෙම ගැටළුකාරි තත්ත්වයට විසදුම් සෙවීමට බාර කර ඇත.  අගෝස්තු මාසයේ එලි දක්වන ලද අදාළ විසදුම් ඇතුලත් වාර්තාවේ සමහර රුණු සඳහා සිය අනුමැතිය ලබා දෙමින් විශ්ව ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ සාමාජිකයෙක් වන අසීම් ඉබ්‍රාහම් විවේචනාත්මක පවසා සිටියේ සූකීට ඉතිරි වී එති එකම මාර්ගය වන්නේ “ලෝක ජනතාවගේ අදහස් සංසිදුවීම සහ මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඇයට සිදු කළ හැකි සියළුම දේ කරන බවට ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීම බවයි.”

අනන් විසින් මානවහිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ඇති සිදුවීම් වලට විමර්ශනය සිදු කිරීමට නියෝගයන් ලබා නොදුන් නමුත් දීර්ඝකාලීන වශයෙන් ආර්ථික සංවර්ධනයක් ලබා දීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය පසහුකම් සලසා දීම වැනි කරුණු පිළිබඳව සිය අවධානය යොමු කොට ඇත.

මේ සම්බන්ධයෙන් කොමිසමක් පිහිටුවීම පිළිබඳ කාරණයේදි සුකීගේ රජයේ ස්ථාවරය වූයේ කොමිසමේ සියා ගැනීම් වලට සිය රජය එකඟ වන බවයි. කොමිසම මියන්මාර රජයට යෝජනා කර සිටියේ රෝහින්ග්‍යා ජනතාව වාසය කරනු ලබන අසල්වැසි ප්‍රදේශ වලට ක්‍රියාත්මක වන හමුදාකරණී පාලනය අවසාන කරන් ලෙසටයි, එසේම ගමනාගමනයට හා පුරවැසිභාවය ලබා ගැනීමට පනවා ඇති සීමාවන් ඉවත් කර ගන්නා ලෙසත් එම කොමිසම විසින් නිර්දේශ කරනු ලැබූවා.

අගෝස්තු මාසයේදි එම කොමිසම් වාර්තාව එළිදැක්වීමත් සමගම මියන්මාර රජයේ ස්ථාවරය වූයේ කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශයන් පිළිබඳව තම අවධානය යොමු කරන බවත් වඩාත් පුළුල් ක්‍රියාවලියක් ලෙස එකී නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ය.

එසේම සිදු වඩහිංසාවන් හිදි ජාත්‍යන්තර ප්‍රජාව විසින් වැරදි තොරතුරු මත ඇති විශාල අයිස් කන්දක් ලෙස සුකිව විවේචනය කළ අතර එය බංගලදේශයට පලා ගිය රෝහින්ග්‍යාවරුන් පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා සිදු වූවකි.

පසුගිය සැප්තැම්බර් 19 වෙනිදා සුකි විසින් රූපවාහිනිය මහින් ජාතිය අමතමින් රුක්හිනි දේශය පුරා සිදු වන මානවහිමිකම් උල්ලංඝනය කිරිම් විවේචනය කිරීම ද සිදු කරන ලදි. එමගින් ඇය කියා සිටියේ පසුගිය මාසයේ දි සිදු වධහිංසාවන් හේතුවෙන් පලාගිය ඕනෑම පුද්ගලයෙකුගේ තත්ත්වය පරික්ෂා කර තහවුරු කිරීමට මියන්මාර රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවය. නමුත් ඇය නැවත මියන්මාරයට හැකියාව ලබන පුද්ගයන් පිළිබඳව හැදින්වීමක් නොකළ අතර අදාළ තහවුරුකිරීමේ ක්‍රියා පිළිවෙළ සිදු වන ආකාරය පැහැදිළි කිරීමක් ද නොකරන ලදි. එසේම ඇය රෝහින්ග්‍යා සරණාගතයන් විවේචනය කළ අතරම පස යට වැළලි හිස පමණක් පස මත ඇති ආණ්ඩුව ලෙසට සිය රජයට පවසන මානවහිමිකම් ක්‍රියාධරයන්ද විවේචනය කළා.

එමෙන්ම මියන්මාර රජය විසින් නිරන්තරයෙන් ම උතුරු රුක්හිනි දේශයට මාධ්‍යවේදීන්ට හා සහන කණ්ඩායම් වලට ඇතුළු වීම සීමා කරනු ලබනවා. මේ අතරම අවුන් ආන් සුකිගේ කාර්යාලය විසින් එම සහන කණ්ඩායම් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස අර්ථ දක්වන කණ්ඩායමට උදව් කරන්නන් ලෙසට චෝදනා කර සිටියා.

බංගලිදේශය රෝහින්ග්‍යාවරුන් පිලිබදව දක්වන මතය

ලෝකයාගේ ඇස් යොමු නොවු ඡායාරූපයක්..

මිලියනභාගයකට අධික රෝහින්ග්‍යා සරණාගතයින් බංගලදේශය පුරා කදවුරු බැද සිටින අතර ඔවුන් ගෙන් බහුතරයක් ලියාපදිංචි නො වූ  පුද්ගලයන් වේ. බංගලදේශ්‍ය ඔවුන් සලකන්නේ සිය දේශසීම අනවසරයෙන් තරණය කොට නිත්‍යානුකූල නොවන ලෙස සිය රටට ඇතුලත් වූවන් ලෙසට වන අතර සිය දේශසීමාවන් හරහා රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් රටට ඇතුලු වීමද වලක්වා තිබෙනවා.

බංගලදේශයේ විදේශ ඇමති විසින් මියන්මාරය තුළ රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදු වන හිංසාවන් සමූලඝාතනයන් ලෙස අර්ථ කථනය කළ අතර එරට මානවහිමිකම් කොමිසම සඳහන් කළේ මියන්මාරයට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ඔවුන් බල කර සිටින බවයි. එය මියන්මාර හමුදාවට එරෙහිව සමූල ඝාතනයට චෝදනා කරමින් ජාත්‍යන්තර අධිකරණයක් මගින් ඉටු කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙනු ලැබීය.

බංගලදේශයේ අගමැතිනිය සැප්තැම්බර් මාසයේ රෝහින්ග්‍යා කදවුරු වල සංචාරයක නිරත වූ අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේදි පවසා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් දහස් ගණනක් වන රෝහින්ග්‍යා සරණාගතයින්ට නැවත් මියන්මාරයට ඇතුළුවීමට ඉඩ ලබා දෙන ලෙස මියන්මාර රජයට ල්බල කර සිටිය යුතු බවටත් අවධාරණය කර සිටියා. ඇය පවසා සිටියේ බංගලදේශය තාවකාලික වශයෙන් රෝහින්ග්‍යා වැසියන්ට නවාතැන් හා ආධාර ලබා දීමට ඉදිරිපත් වන බවත් එසේ වුවත් මියන්මාරය ඉසින් තම රටේ පුරවැසියන් නැවත් සියරට කැඳවීමට ඉක්මන් පියවර ගත යුතු බවත ය.

අරකන් රෝහින්ග්‍යා ගලවාගැනීමේ හමුදාව (Arakan Rohingya Salvation Army) කියන්නේ මොකද්ද ?

අරකන් රෝහින්ග්‍යා ගලවාගැනීමේ හමුදාව සිය නිල හැදින්වීම වන al-Yaqeen Faith Movement යන නාමයෙන් 2017 මාර්තු මාසයේදි නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔවුන් රෝහින්ග්‍යා ජනතාව ආරක්ෂා කිරීමට, ගලවා ගැනීමට හා මූදවාගැනීමට කටයුතු කරන බවයි.

අන්තර්ජාතික නීතිය යටතේ එන ආත්ම ආරක්ෂාව යටතේ සිය කණ්ඩායමට සිය ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කිරීමට හැකියාවක් ඇති බව එක කණ්ඩායම පවසනවා. නමුත් මියන්මාර රජය විසින් එම කණ්ඩායම සලකනු ලබන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසටය.

එහෙත් ඔවුන්ගේ මාර්තු නිවේදනය මගින් ARSA පවසා සිටින්නේ තමන් ලෝකයේ සිටින කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධයක් නොපවත්වන බවත් ආගම හා වර්ගය පදනම් කරගෙන කිසිදු සිවිල් වැසියෙකුට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගයන් නොගන්නා බවත් ය. නමුත් International Crisis group පවසා සිටින්නේ ARSA සවුදි අරාබියේ වෙසෙන රෝහින්ග්‍යාවරුන් සමග සමීප සබදතාවක් පවත් වන බවයි.

සැප්තැම්බර් මස 09 වෙනිදා මෙම කණ්ඩායම රක්හින් දේශයට ආධාර ලබා ගැනීමට හා ප්‍රදේශයේ ඇති  වී ඇති මානවවාදි ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මසක කාලයක සටන් විරාමයක් ප්‍රකාශ කර ඇත. එම කාලය තුළදී ආගම වර්ගය නොතකා මානවවාදි පහසුකම් ලබා ගැනීමට වින්දිතයින්ව උද්යෝගි කරවන බව ARSA කණ්ඩායම සිය නිවේදනය තුළ දක්වා ඇත. එසේම ඒ කාලය තුළදි මියන්මාර හමුදාව සිය තුවක්කු තාවකාලිකව පහතට හෙලිය යුතු බවට ඔවුන් දක්වා තිබෙනවා.

නමුත් අගෝස්තු 25 වෙනිදා මියන්මාරය විසින් මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබීය.

අන්තර්ජාලය ඇසුරිනි….