Home / Featured / Rohingya පෙන්වා ජාතිවාදීන් කුමන්ත්‍රණයක….ඇමති CID යයි

Rohingya පෙන්වා ජාතිවාදීන් කුමන්ත්‍රණයක….ඇමති CID යයි

මියන්මාරයෙන් රොහින්ගියා(Rohingya) මුස්ලිම්වරු තමන්ගේ මැදිහත්වීම් ඇතිව මේ රටට ගෙනවිත් පදිංචි කරමින් සිටින බවට ඇතැම් වබේ අඩවි හා සමාජ මාධ්‍ය ගෙන යන ජාතිවාදී ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රොහින්ගියා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන එන බවට හෝ ඒ සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රකාශයක් කිසිදු ස්ථානයකදී නොකළ බවත්. සිංහල, දෙමළ, මුස්ලිම් සහජීවනයේ ජීවත්වන රට තුළ මෙවැනි ප්‍රකාශ කරන්නන්ට අවශ්‍ය වී ඇත්තේ ජාතිවාදී කුමන්ත්‍රණ කිරීමට බවත්, අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසනවා.

ඒ අනුව තමන් මේ අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලද්දේ එම ජාතිවාදී කුමන්ත්‍රණකරුවන් රටට අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය නිසා බවත් ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

Rishad Bathiudeen

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...