Home / Featured / විභීෂණ කියන්නේ බොහෝම වැඩකාරයෙක් දක්ෂයෙක්…විෂ්ණුගේ නියෝගය විභීෂණට බාර දෙයි…

විභීෂණ කියන්නේ බොහෝම වැඩකාරයෙක් දක්ෂයෙක්…විෂ්ණුගේ නියෝගය විභීෂණට බාර දෙයි…

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඊයේ (24) නාරහේන්පිට අභයාරමයේ මවිබිම සුරැකීමේ ජාතික සංවිධානය විසින් කැදවා තිබූ මාධ්‍ය  හමුවකදී, අදහස් පලකර සිටියා.

“ආණ්ඩුව දැන් අළුත් සෙල්ලලමක් පටන් අරගෙන තියනවා අපිට දැන ගන්නට ලැබුණා, දැන් පන්සල් වලට සල්ලි දීගෙන දීගෙන යනවා. මොකටද මේ භික්ෂූන් වහන්සේ නිහඩ කරවන්න තමයි මේ වැඩපිළිවෙළක් දිගටම කරන්නේ. මේවට යටත් වෙන්න එපා අපි ඉල්ලීමක් කරනවා අපේ හාමුදුරුවන්ගෙන් පුළුවන් නම් මේ වේලාවේ රට බේර ගන්න, ජාතිය බේර ගන්න ආගම බේරගන්න පාත්‍රරි කුජ්ජන කර්මය පාලකයින්ට එරෙහිව නිකුත් කරන්නෙයි කියලා,”

“රට සුරකින – සසුන රකින දේශය නොබෙදන ධර්ම යාත්‍රාවක් ගෙනියන්න කියලා අපි අදහස් කළා. මේ මාසේ 27 වෙනිදා ඉදලා 30 වෙනිදා දක්වා. 27 වෙනිදා තමයි දෙවුන්දරින් පටන් ගන්නේ. බුදුහාමුදුරුවෝ මේ සසුන රකින්න කියලා බාර දුන්නේ විෂ්ණු දෙවියන්ටයි. දෙවිවරුන්ටත් පිටතින් තමයි මේ ආණ්ඩුව යන්නේ. ඒනිසා අපි මහා සංඝරත්නය ආඥාවක් දෙනවා 27 වෙනිදා විෂ්ණු දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට මේ තල්පත් බාර කරලා ඒ තල්පත ඇතෙක් පිට වඩමවා ගෙන කැළණියට ගිහිල්ලා විෂ්ණුගේ නියෝගය අපි විභීෂණට බාර කරනවා. විභීෂණ කියන්නේ බොහෝම වැඩකාරයෙක් දක්ෂයෙක්.”

එහිදි අදහස් දැක්වූ ඕමාරේ කස්සප නා හිමියන්,

“පැහැදිළිව කිව්වා අපි මේ රටේ මහා සංඝරත්නයට චීවරධාරින් කියලා අමතන්නේ අපහාසයට කියලා. එතකොට මේ අපහාසයට මේරටේ මහනායක හිමියන්ගේ ඉදලා සේරම අහුවෙනවා. මේ චෝදනා කරපු කාටද මේ කරලා තියෙන්නේ. හැබැයි රටේ රාජ්‍ය නායකත්වය කිසිම වෙලාවක අර ගොල්ලන්ට උපදෙසක් දීපු බවක් අපි දන්නේ නෑ අරම කතා කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා අනුගමනය කරපු ක්‍රමවේදය වෙනත් ආගමිකයෙකුත් දැන් පටන් අරගෙන තියෙන්නේ.”

Ven. Muruththettuwe Ananda thero

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...