Home / Featured / රට වළදන්න මහා ෆෙඩරල් දානයක් පොලිසිය හරහා අරලියගහ මන්දිරයේ……… මැතිවරණ නැති රටකට මැතිවරණ කොමිසම් කුමට..?

රට වළදන්න මහා ෆෙඩරල් දානයක් පොලිසිය හරහා අරලියගහ මන්දිරයේ……… මැතිවරණ නැති රටකට මැතිවරණ කොමිසම් කුමට..?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදයක සභාවට පසුගිය දා ඉදිරිපත් කළ ෆෙඩරල් ව්‍යවස්ථාව පක්ෂව මහා සංඝරත්නය දිනා ගැනීමේ අදහසින් මහා ෆෙඩරල් දානයක් සැප්තැම්බර් 27 වෙනිදා අරලියගහ මන්දිරයේදි සූදානම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල පවසනවා.

“මේ දානයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ පොලිසිය හරහා. උන් වහන්සේලාට වැඩම කරන්න අගමැති කාර්යාලයෙන් වාහන දෙනවා විතරක් නොවේ උන් වහන්සේ සමග යන්න පොලිස් නිළධාරියෙකුත් දෙනවා. ඔබ වහන්සේලාට මේ ආරාධනා කරන්නේ දානය වළඳන්න නොවේ. රට වලඳන්න. පෙඩරල් දානය වැළඳුවොත් දිරවන්න අපහසුයි. ඒ නිසා ඒ දානය වර්ජනය කරන්නැයි දේශප්‍රේමී මහ සංඝරත්නයෙන් අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා,” ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා පවසා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රිවරයා “මීට අවුරුදු තුනකට කලින් අපේ රටේ සිටියා මහින්ද දේශප්‍රිය කියලා මැතිවරණ කොමසාරිස්තුමෙක්. එතුමා හරිම ස්වාධීනයි. ඒ වගේම එඩිතරයි. ආණ්ඩුවේ පාක්ෂිකයෝ මැතිවරණ නීති කඩාවි කියන බිය විපක්ෂය පළ කලාම ඒවාට ආවොත් ඔළුව කුඩු වෙන්න වෙඩි තියන්න උපදෙස් දුන්නා. මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි කරලා මැතිවරණ කොමිසමක් පත් කළාම ඒකේ සභාපති වුණෙත් මහින්ද දේශප්‍රිය කෙනෙක් අපි හිතුවා අර එඩිතර මැතිවරණ කොමසාරිස්තුමාව මැතිවරණ කොමිසමේ සභාපති කළා කියලා බැලින් නම් ඒ වෙන කෙනෙක්. හිටපු මැතිවරණ කොමසාරිස්ගේ රැවුල තිබුණාට ගැඹුරු හඬ තිබුණාට එතුමාට තිබුණු කොන්ද නම් මෙතුමාට නෑ.”

අරලියගහ මන්දිරයේ දී පෙඩරල් දානයක්

අගමැතිතුමා විසින් පසුගිය සිකුරාදා පෙඩරල් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළා. මීට ලොකුම විරෝධය මතු වන්නේ මහ සංඝ රත්නයෙන් බව එතුමා දන්නවා. නෝර්වේ තමන්ගේ සාම වෑයම නමින් කළ බෙදුම්වාදි ව්‍යාපෘතිය පිළිබඳ කල සමාලෝචනයේ දීත් ඔවුන්ගේ ව්‍යාපෘතිය අසාර්ථක වීමට වැඩියෙන්ම බලපෑවේ භික්ෂුන් වහන්සේලා බව සඳහන් කර තිබුණා. මේ බව හොඳටම දන්නා අගමැතිතුමා පෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් මහ සංඝරත්නය දිනා ගැනීමේ අරමුණෙන් සැප්තැම්බර් 27 දා අරලිය ගහ මන්දිරයේ දී දහසක් භික්ෂුන් වහන්සේලාට දානයක් පිලියෙල කර තිබෙනවා.

මේ දානයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ පොලිසිය හරහා. උන් වහන්සේලාට වැඩම කරන්න අගමැති කාර්යාලයෙන් වාහන දෙනවා විතරක් නොවේ උන් වහන්සේ සමග යන්න පොලිස් නිළධාරියෙකුත් දෙනවා. ඔබ වහන්සේලාට මේ ආරාධනා කරන්නේ දානය වළඳන්න නොවේ. රට වලඳන්න. පෙඩරල් දානය වැළඳුවොත් දිරවන්න අපහසුයි. ඒ නිසා ඒ දානය වර්ජනය කරන්නැයි දේශප්‍රේමී මහ සංඝරත්නයෙන් අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා

රන්ජන් සමුළුවට ගෙන ගියේ තෑග්ගත් ලෙස ද?

මහ සංඝරත්නයට අපහාස කරන අධිකරණයට අපහාස කරන සද්ද විද්ද රාජපක්ෂ පලිඟු පතිර අඹ කුමාරලාගේ සිල්වෙස්ටර් ලියෝ අපොන්සු නොහොත් රංජන් රාමනායක ඇමතිතුමාව ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතින්ගේ වාර්ෂික සමුළුවට ගෙන ගිහින් තිබෙනවා අපි දැක්කා. මේ රටේ උත්තරීතර අධිකරණයටත් ඊටත් ඉහළින් සිටින මහ සංඝ රත්නයටත් රන්ජන්ගේ ළදරු කියමන් හරහා අපහාස කිරීම නැවැත්වීමට කවුරුවත් උත්සාහ කලේ නෑ. ඔහුට කවුරුවත් අවවාද කලේ නෑ. තනතුරු වලින් නෙරපුවේ නෑ. ඒ මදිවාට දැන් ඔන්න ජගත් සමුළුව බලන්න ඇමෙරිකාවටත් අරන් ගිහින්.

මේ සංචාරය ලබා දුන්නේ අධිකරණයට සහ භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම ඉතාම හොඳින් ඉටු කළ බැවින් ඊට තෑග්ගක් ලෙස ද කියන ප්‍රශ්නය ජනපතිතුමාගෙන් අහන්න අපට සිදු වෙනවා. ඒ නිසාම රන්ජන් ඇමතිතුමා අධිකරණයට සහ භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම සිදු කලේ ජනාධිපතිතුමාගේ උවමනාවට ය යන සාධාරණ සැකය අපට මතු වෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති වහාම ඉල්ලා අස් වෙන්න

පසුගිය බදාදා ආණ්ඩුවක්‍රියාත්මක කළ ව්‍යවස්ථා උප්පරවැට්ටිය කවුරුත් දැක්කා. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය නොතකා ජනමත විමසුමකින් තොරව ඡන්ද කල් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කනින් රිංගීමට වෙර දැරීමට එරෙහිව නීතිඥ සංගමයේ සභාපතිතුමා දැඩි ප්‍රකාශයක් සිදු කළා. මම නිතිඥයෙකු විධියට ආඩම්බර වෙනවා අපේ සංගමයේ සභාපති පෙන්වූ ස්වාධීනත්වය, එඩිතර බව සහ වෘත්තීය භාවය පිළිබඳ. නමුත් අපි සැබෑ සිංහ නාදය බලාපොරොත්තු වුණේ නීතිඥ සංගමයේ සභාපතිගෙන් නොවේ. මැතිවරණ කොමිසමේ සභාපතිගෙන්.

පුංචි ඡන්දය කල් දැම්මේ මැතිවරණ කොමිසමේ සහයෝගයෙන්ග 2015 දී සීමා නිර්ණයන් ජනාධිපති ගැසට් මගින් ප්‍රසිද්ධ කළ පසු මැතිවරණ කොමිසමට ඡන්දය පවත්වන්න තිබුණා. නමුත් ඒක කලේ නෑ. ඊට පස්සේ සීමා නිර්ණ අභියාචනා අවසන් කරන තුරු කියමින් ඡන්දය තිබ්බේ නෑ. නීති පොතේ කිසිම තැනක අභියාචනා කමිටුවක් රැස් වෙනවා නම් ඡන්දය පවත්වන්න බෑ කියලා නෑ. එහෙම නම් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය වෙලා අවසන් වන තුරු මහාධිකරණයත් නඩු ඇසීම නවත්වන්න ඕනෑ. මැතිවරණ කොමිසමේ සභාපති විශ්වාස කරනවා නම් තමන් සීමා නිර්ණ අභියාචනා හේතුවෙන් පුංචි ඡන්දය කල් දැමීම නීත්‍යානුකූලයි කියලා මම මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට අභියෝග කරනවා මාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. 

අපි ඡන්දය කල් දැමීමට එරෙහිව උසාවි ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු තුනක් පැවරුවා. නඩු ඇසීම අවසන් වී මාස හයක් වෙනවා. අවාසනාවට තවම තීන්දුව නෑ. කොට්ඨාශ ක්‍රමයක් පෙන්වලා පළාත් සභා ඡන්දය කල් දැම්මාම අපි ගිහින් අගමැතිතුමාව හමු වුණා. අපේ පීඩනය හමුවේ එතුමා පොරොන්දු වුණා 2018 මාර්තු මාසේ අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණ පවත්වනවා කියලා. අපි එතුමාට ඒක හැන්සාඩ් ගත වෙන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන්න කිව්වාම ඒකත් කළා.

අපි මෙහෙම ආණ්ඩුවට පීඩනයක් එල්ල කරන අතරේ මැතිවරණ පැවැත්විය යුතු මැතිවරණ කොමිසම මොකද කරන්නේ? 2018 දෙසැම්බර් වන විට මැතිවරණ පැවැත්වුයේ නැති නම් තමන් ඉල්ලා අස් වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා. මොකද්ද මේ කියන්නේ? නෑ මාර්තු නොවේ අපි දෙසැම්බර් වෙන කම් කල් දෙන්නම්. හෙමිහිට ඡන්දයට ලැහැස්ති වෙන්න කියලා. අපි දැඩි පීඩනයක් එල්ල කරලා මාර්තු මාසයේ ඡන්ද පවත්වන්න එකඟ කර ගත්ත ආණ්ඩුවට මැතිවරණ කොමිසම තවත් මාස නවයක් කල් දෙනවා. මේක මැතිවරණ කොමිසමක් ද නැතිනම් මැතිවරණ නොපවත්වන කොමිසමක් ද?

මැතිවරණ කොමිසම ඉල්ලා අස්විය යුත්තේ 2018 දෙසැම්බර් වන තුරු ඡන්ද නොපැවැත් වුවහොත් නොවේ. දැන්ම වහාම ඉල්ලා අස්විය යුතුයි. ඡන්ද කල් දැමීම ජනතා පරමාධිපත්‍ය බිඳ හෙලීමක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කියන විට මැතිවරණ පැවැත්වීමේ වගකීම තිබෙන මැතිවරණ කොමිසම ආණ්ඩුවට ඡන්ද කල් දාන්න වංක සහයෝගය ලබා දෙනවා. පුංචි ඡන්දය වගේම පළාත් සභා මැතිවරණය කල් දමන්නේ මැතිවරණ කොමිසමේ වංක සහයෝගයෙන් කියන එක මම බය නැතුව කියනවා.

කාන්තාවන් නැති රටකට වින්නඹු අම්මලා වැඩක් නෑ වගේම මැතිවරණ නැති රටකට මැතිවරණ කොමිසමකින් වැඩක් නෑ කියලා කොමිසමේ සාමාජිකයින් වහාම ඉල්ලා අස්විය යුතුයි. ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්වීමට පීඩනයක් එල්ල කළ හැක්කේ එහෙමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  103 (2) වගන්තිය අනුව නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීම මැතිවරණ කොමිසමේ පරමාර්ථය විය යුතුයි. ඒ නිසා අසාධාරණ ලෙස ඡන්ද කල් තබන විට ඊට එරෙහිව හඬ නැගීම මැතිවරණ කොමිසමේ ව්ය ව්‍යවස්ථාවපිත වගකීමක්

මීට අවුරුදු තුනකට කලින් අපේ රටේ සිටියා මහින්ද දේශප්‍රිය කියලා මැතිවරණ කොමසාරිස්තුමෙක්. එතුමා හරිම ස්වාධීනයි. ඒ වගේම එඩිතරයි. ආණ්ඩුවේ පාක්ෂිකයෝ මැතිවරණ නීති කඩාවි කියන බිය විපක්ෂය පළ කලාම ඒවාට ආවොත් ඔළුව කුඩු වෙන්න වෙඩි තියන්න උපදෙස් දුන්නා. මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි කරලා මැතිවරණ කොමිසමක් පත් කළාම ඒකේ සභාපති වුණෙත් මහින්ද දේශප්‍රිය කෙනෙක් අපි හිතුවා අර එඩිතර මැතිවරණ කොමසාරිස්තුමාව මැතිවරණ කොමිසමේ සභාපති කළා කියලා බැලින් නම් ඒ වෙන කෙනෙක්. හිටපු මැතිවරණ කොමසාරිස්ගේ රැවුල තිබුණාට ගැඹුරු හඬ තිබුණාට එතුමාට තිබුණු කොන්ද නම් මෙතුමාට නෑ.

ශ්‍රේෂ්ඨාධිකරණයට  තිබුණු කොන්ද නීතිඥ සංගමයට තිබුණු කොන්ද මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සභාපති අසෝක පීරිස්මහතාට තිබුණු කොන්ද මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත් හිමි වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

 

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *