Home / Featured / Slt දූෂණ, වංචා හා අක්‍රමිකතා ගැන වහාම පරික්ෂණයක් ඉල්ලයි….වෘත්තීය සමිති සටනට සුදානම්

Slt දූෂණ, වංචා හා අක්‍රමිකතා ගැන වහාම පරික්ෂණයක් ඉල්ලයි….වෘත්තීය සමිති සටනට සුදානම්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුළ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ, වංචා හා අක්‍රමිකතා කඩිනමින් විමර්ශනය කර මෙම ආයතනය පසු බෑමට හේතු වූ කරුණු පිළිබඳව වාර්තාවක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙසත් එසේ නොමැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරි වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබේනවා.

ආයතනය පසුබෑමට හේතු සොයා නැවත ගොඩනැඟීම සඳහා ස්වාධීන කමිටුවක් දින 5ක් තුළ පත් කොට මසක් ඇතුළත සවිස්තරාත්මක වාර්තාවක් වෘත්තීය සමිති වෙත ලබා දෙන ලෙසත් 2017 වසරේ ආයතනයේ සිදුව ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා, අසාර්ථක ආයෝජන හා දුර්වල කළමනාකරණය පිළිබඳව සොයා බලා ඒවාට වගකිවයුතු නිලධාරීන්ගෙන් හානිය ප්‍රතිපූර්ණය කර ගැනීමටත් ඔවුන්ට දඬුවම් පැමිණවීමටත් සේවකයන්ගේ සේවා දිගු ඉල්ලීමකින් තොරව 60 දක්වා දීර්ඝ කිරීමටත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අවධාරණය කරන සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ එම අරගලය සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ද සියලුම වෘත්තීය සමිති සහය ලබාදීමට කැමත්ත පලකර තිබේ.

Slt

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

One comment

  1. Telecom hora guhawak Rajaya wisin Internet gasthu adu kireemata denum dun vita oun eya nokara GB wedi kara atha Off peak kohomath janathawata pawichchi nowe Esenam minisun nida noganna pirisak viya yuthuyi Minisun off peak walatada bill gewayi Me gena telecom eken wimasu vita oun dun pilithura wuye Off peak walata aya nokarana bawath eya nomilaye dena bawathya Ma visin Rs 1490/= pakejaya methek bhavitha kalamutha Eya mata use nowana bewin eelanga masa sita Eeta pahala pakageya wana Rs 990/=pakageyata maru karannayi illa siti wita oun e sandaha magen Rs250/=ka gasthuwak aya karana bawayi Meya Telecom paribhogikayanta karana balawath asadharanayaki Emenma Off peak GB 30k pamana mage hema masakama pawichchi nokara ma wisin Telecom ayathanayata bill gewa atha Janathawata mewani ayathanawalin sahana salasa deema wenuwata janathawa sura kame kriyawaka yedeyi Me siyallata amatharawa wen wen washayen durakathanayata saha internet packageyata taxda geviya yuthyi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *