Home / Featured / ෆොන්සේකාලා,සෙල්වම්ලා සල්ලි වලට බොරු කියනවා….මානව හිමිකම් සමගාම් සැසිවාරය උණුසුම් වෙයි…

ෆොන්සේකාලා,සෙල්වම්ලා සල්ලි වලට බොරු කියනවා….මානව හිමිකම් සමගාම් සැසිවාරය උණුසුම් වෙයි…

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේ සමගාම් සැසිවාරයකදි දෙමළ ඩයස්පෝරාවේ හා ශ්‍රි ලංකා ගෝලිය සංසදයේ නියෝජිතයන් අතර උණුසුම් තත්තවයක් හට ගත්තා.

ස්විස්ටර්ලන්තයේ ඊනිවා නුවරදි මෙම මානවහිමිකම් සමගාමි සැසිවාරය පැවැත්වෙන්නේ එක්සත් ජාතින්ගේ මානවහිමිකම් සමුළුවේ 36 වෙනි සමුළුවට අමතරවයි. එසේම මෙම සැසිවාරය පවත්වන්නට යෙදුනේ ශ්‍රි ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා වල නීත්‍යානුකූල බව යටතේයි.එහිදි දෙමළ ඩයස්පෝරාවට සහය දක්වන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් බිලි විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ ශ්‍රි ලංකාවේ හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හිටපු තවත් යුධ හමුදාපතිවරයෙක් වන ජෙනරාල් ජගත් ජයසූරිය මහතා යුධ අපරාධ සිදු කර ඇති බවට පිළිගෙන ඇති බවයි. එසේම මෙම චෝදනා පිළිබදව සත්‍ය සෙවීමේ මොමිසම මගින්ද ඉදිරිපත් කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජෙනරල් ජගත් ජයසුරියට එරෙහිව ඔහු සමග එකට යුද්ධය සහභාගි වූ ලංකාවෙන් බිහි වූ අතිදක්ෂ හිටපු හමුදාපතිවරයෙක් මෙකෙස චෝදනාකරන්නේ ඇයි ද යන ගැටළුව තමාට ඇති වෙන බව ඩේවිඩ් බිලි මෙහිදි පවසා සිටියා.

පසුව ඒ පිළිබඳව පැහැදිළි කරමින් රියාද් අද්මිරාල් සරත් වීරසේකර පවසා සිටියේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඔහු හමුදාපතිධූරය දරන සමයේ හෝ මාණ්ඩලික ප්‍රධානි තනතුර දරන සමයේ හෝ මෙවැනි ප්‍රකාශයක් කිසි දිනක සිදු නොකළ බවත් මේ වන විට ඔහු පැරදුණු දේශපාලඥයෙක් ලෙසට වර්තමාන ආණ්ඩුවෙන් ඔහුට අව්ශ්‍ය තනතු ලබාගෙන ඔහුට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් සිටින බවයි.

එහිදි අදහස් දැක්වූ සරත් වීරසේකර,

“අපි කළේ යුද්ධයක්. අපි සටන් කළේ ලෝකයේ සිටිය දරුණුතම, බිහිසුණුම හා මිලේච්ඡතම ත්‍රස්තවාදී කණ්ඩායම සමග. මේ නිසා අපි පසුගිය දශක තුන පුරාම මේ  හේතුන් නිසා පීඩාවට පත් වුණා. ඔවුන් අපේ ගැබිණි මව්වරුන් මරා දැමුවා. ඒ අවස්ථාවේදි ඔබ කොහිද සිටියේ? ඔබ කවදාවත් ඒ සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් ගොනු කළේ නෑ. එතකොට ඔබ කොහිද සිටියේ? ඒ කාලයේ අපිට කවදාවත් බ ඒ ගැන කතා කරනවා ඇහුනේ නෑ. දැන් ඔබ මෙතන බාලචන්ද්‍රන් ගැන කතා කරනවා.බාලචන්ද්‍රන් කියන්නේ අපිට අවශ්‍යව සිටි බිහිසුණු ත්‍රස්තවාදී නායකයා වන ප්‍රභාකරන්ගේ පුතා. අපි කියන්නේ නෑ ඔහුව අත්තඩංගුවට ගෙන අපි මරා දැම්මා කියලා. ඔබ කොහොමද දන්නේ අපි ඔහුව අත් අඩංගුවට ගෙන ඝාතනය කළා කියලා.”

එයට පිළිතුරු ලබා දුන් දෙමළ ඩයස්පෝරාවේ සුනන්දරන් “අපිට සාක්ෂි තියනවා ඔහුව ජීවග්‍රහයෙන් අල්ලා ගෙන සිටියා කියලා. චැනල් ෆෝ නාලිකාවෙන් ඒ ව පෙන්වා දුන්නා.

ශ්‍රි ලංකා ගෝලිය සංසදය ; “කොහොම්ද විශ්වාස කරන්නේ චැනල් ෆෝ මොකද ඒකට ගෙව්වේ LTTE යෙන්. සියල්ල චැනල් ෆෝ නිර්මාණය කරන ලද කතා. ඔබ දන්නවාද අරන්තලාවේ සිද්ධ වුණේ මොකද්ද කියලා. ඔබ දන්නවාද බාර වූ 600ක් පොලිස් නිලධාරින්ට මොකද වුණේ කියලා. එතකොට ඔබ කොහේද හිටියේ?”

මීට අමතරව  මානවහිමිකම් සමුළුවේ තවත් වැඩසටහනකදි තමිල්නාඩුවේ දේශපාලඥයෙකු වන වයිකෝ ශ්‍රි ලංකාවේ මානවහිමිකම් කඩවීම් දැඩිව සිදුවන බවට තරයේ ප්‍රකාශ කර සිටියා. උතුරු කොරියාවට එරෙහිව පිහිටුවාක් මෙන් අන්තර් ජාතික විමර්ශන කමිටුවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා තීරණයක්  ගැනීමට ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස වයිකෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගෙන් මෙහිදි ඉල්ලා සිටියා.

වයිකෝගේ එම අදහස් දැක්වීමෙන් අනතුරුව ශ්‍රි ලාංකික කාන්තාවක් වයිකෝගෙන් විමසා සිටියේ ශ්‍රි ලාංකිකයෙකු නොවන ඔබ ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාට ආරාධනා කරන්නේ කෙලෙසද යන්නයි. එයට පිළිතුරු ලෙස වයිකෝ අසා ඇත්තේ තමා ශ්‍රි ලාංකිකයෙක් ද යන වගයි. ඒ අනුව තමා ශ්‍රි ලාංකිකයෙක් බවත් තම රට ගැන ප්‍රශ්න කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි ඇය ප්‍රශ්න කිරීමත් සමග වයිකෝ එම ස්ථානයෙන් පිටවී ගොස් තිබෙනවා.

 

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *