Home / Featured / මේවා තිරිසන් වැඩ…..බුදු හාමුදුරුවෝ මේ වගේ කාලකන්නි දේවල් දේශනා කලේ නෑ….

මේවා තිරිසන් වැඩ…..බුදු හාමුදුරුවෝ මේ වගේ කාලකන්නි දේවල් දේශනා කලේ නෑ….

රෝහින්ග්‍යා සරණාගතයෝ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක හා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්, අදහස් පලකර සිටියා.

ප්‍රශ්නය; ඊයේ රෝහින්ග්‍යා සරණාගතයෝ රදවලා තිබුණ සරණාගත කඳවුරකට පහර දීලා තිබුණා. ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ  කට්ටියක්. ඒකට පොලිසියත් බලාගෙන හිටියා.

“එහෙම සරණාගත කඳවුරකට ගැහුවා නම් හාමුදුරුවෝ නෙමෙයි කවුරු උනත් අත්තඩංගුවට ගන්න ඕන. ඒක දිහා බලාගෙන හිටියා නම් පොලිසියේ කවුරු හරි ඒ මිනිහවත් අත්තඩංගුවට ගන්න ඕන.රෝහින්ග්‍යා සරණාගතයින් ඉස්සල්ලම ලංකාවට අවේ 2008 මාර්තු මාසයේ. 55 දෙනෙක් ආවේ. ඊට පස්සේ ආයිත් ආවේ 2013 පෙබරවාරි වල ආවා 101 දෙනෙක් එතකොට ය හාමුදුරුවරු කොහේද හිටියේ? ඇයි එදා ගියේ නැත්තේ එළවන්න. මොකද එතකොට රාජපක්ෂ බලයනේ. එතකොට ආවම ප්‍රශ්නයක් නෑ ලංකාවට. දැන් මේ සැරේ ඇවිල්ලා තියනවා පිරිමි 7යි ගෑණු 7යි දරුවෝ 16 දෙනෙකුයි. මම අහන්නේ මේ වගේ කාලකන්නි දෙයක් කොහේද දේශනා කළේ බුදුහාමුදුරුවෝ. මම බෞද්ධයෙක් වශයෙන් ඉතාම කළකිරීමට පත් වෙනවා මේ කරන තිරසන් වැඩ වලට. මේවා නිකන් වැඩ නෙමෙයි තිරිසන් වැඩ.

“IGPට වහාම කියන්න ඕන මේ බලන් හිටපු අයට එරෙහිව පියවරක් ගන්න කියලා. ඒ ගොල්ලන්ට ඔය යුනිෆෝම් එක තේරුමක් නෑ. කෙලින්ම අපි මේක අනිත් කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා කරනවා. මේක ඉතාම නරකයිනේ, ඊයේ රාත්‍රියේ බි.බි.සි ය වාර්තා කරේ ශ්‍රි ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සරණාගතයින්ට විරුද්ධ වෙනවා කියලා” rohingya

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

One comment

  1. Apita bana kjyanne ada ada Rajitgai Ranjanui aSfi.SITMissue eka nisa mulu Ratai saukya kshethayai netikarana min ihapudgalikawa Rajapsksala r ekka tharahat Ratam ;paadena iiha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *