සුළු ජාතින් නැතුව ආණ්ඩු හැදිලි බොරු, මහින්දට වැරදුණේ එතන……!

0

ලංකා දේශපාලන ඉතිහාසයේ වෙනස්කම් කරනවානම් සුළු ජාතින් නොමැතිව එය කළ නොහැකි බවත්, එය වත්මන් යහ පාලන රජය තේරුම් අරගෙන තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට  මෙන්ම පරාජයට හේතු වූයේත් සුළු ජාතීන් බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේළුසාමි රාධාක්‍රිෂ්ණ්න් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 27 වෙනිදා  තලෛයිමන්නරම පියාර් මිශ්‍ර පාසලේ 60 වන සංවත්සර උත්සවයෙන් පසුව පැවති ජන හමුව අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා  රාධාක්රිඩෂ්ණන් මහතා මෙසේද  සඳහන් කළා.

“වත්මන් යහ පාලන රජය ගෙනාවෙත් සුළු ජාතීන්, පළාත් සභා නව පනත හඳුන්වා දෙද්දී එයට සහාය ලබා දුන්නේත් සුළු ජාතීන්. කාලයක් අපේ රටේ සුළු ජාතින් ගණන් ගත්තේ නැතිව තීන්දු තීරණ ගත්ත අවස්ථා තිබෙනවා. එයට උදාහරණ තිබෙනවා. එකක් තමයි සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස හඳුන්වා දීම. දැන් එසේ කරන්නේ නෑ. මේ වන විට සුළු ජාතින්ට තැනක් ලැබී තිබෙනවා. එදා සුළු ජාතින් වෙනුවෙන් කථා කරන්න හිටියේ කීප දෙනයි. ඒවගේම ඒ කාලේ සුළු ජාතින් අතර එකමුතුවක් තිබුණේ නෑ. ඒ අය වෙන්වෙලයි හිටියේ. කොළඹ, මධ්‍යම, උතුර, නැගෙනහිර, බස්නාහිර කියල නෑ. ලංකාවේ කොයි පළාතේ වුනත් සෑම ජන කොටසක්ම එකට සමගියෙන් වැඩ කිරීමේ හැකියාව දැන් තිබෙනවා. එකට සමගියෙන් වැඩ කිරීම තුළින් ඉල්ලීම් දිනා ගැනීමට හැකිව තිබෙනවා. රජයත් සුළු ජාතීන් වෙනුවෙන් වැඩ කිරීමට උනන්දු වෙනවා.”

“අපි වෙනම රටක් ඉල්ලන්නේ නෑග මේ රටේ සිටින සියලුම ජාතීන් සමග එක්ව සිට අපේ අයිතිවාසිකම් දිනාගැනීමයි ඉදිරි බලාපොරොත්තුව. මේ රට දියුණු කරන්න සියලු ජාතීන් එකට ඉන්න ඕන. අපි මේ රට වෙනුවෙන් කැප කිරීම් කරන්න ලෑස්තියි. රටේ සුළු ජාතීන්ට ඉදිරියේදී ගොඩක් දේවල් ලැබෙන්න තියෙනවා. ශ්‍රි ලංකාවේ සුලු ජාතින්හා මහා ජාතීන් කියා කොටස් කර නෑ. රටේ සියලු දෙනාම එකම මිනිස්සු. එකට සිටියොත් ඒවා දිනාගත හැකියි. යහපාලන රජය යටතේ ඒවා ලබා දිමට කටයුතු කරනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.