Home / Featured / විග්නේශ්වරන්ගේ ඇතැම් අදහස් අන්තවාදියි…..උතුරින් හමුදාව ඉවත්කරන්නේ නෑ…

විග්නේශ්වරන්ගේ ඇතැම් අදහස් අන්තවාදියි…..උතුරින් හමුදාව ඉවත්කරන්නේ නෑ…

උතුරු පළාත් සභා මහ ඇමති සී. වී විග්නේශ්වරන් මහතා උතුරේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක හමුදාව පිළිබඳව කුමන මතයක් ප්‍රකාශ කලද, ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම හා තීරණ ගනු ලබන්නේ ජනාධිපති තුමා ප්‍රමුඛ රජය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසනවා.

අමාත්‍යවරයාගේ  අදහසකට අනුව ගංවතුර තර්ජනයකට මුහුණ දී ඇති බියගම ප්‍රදේශයේ ඇල මාර්ග  ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අද (29) ආරම්භ කරමින්  ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදි මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්න  වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේ උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරනු බවයි. ඔහුගේ ඇතැම් අදහස් අන්තවාදී බවද අමාත්‍යවරයා සඳහන් කළා.

උතුරු ප්‍රදේශයේ රඳවා ඇති භටපිරිස් පිළිබඳව මහඇමතිවරයා සාවද්‍ය ලේඛණ ඉදිරිපත් කරමින් දිගින් දිගටම කුමන ප්‍රකාශ කලද, දශක කිහිපයක් පුරා යුද්ධයක් පැවති ප්‍රදේශයන්හි ආරක්ෂාව පිළිබඳව රජය වඩාත්ම සැළකිලිමත් වන බව අමාත්‍යවරයා පවසා සිටියා.

මහඇමති විග්නේශ්වරන් මහතා කුමන ඉල්ලීම් සිදුකලද ජාතික ආරක්ෂාවට අදාල වන තීරණ ගනු ලබන්නේ ගරු ජනාධිපතිතුමා සහ අගමැති ප්‍රමුඛ විසින් බව සඳහන් කල අමාත්‍යවරයා උතුරේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පොලීසිය කටයුතු යොදා ඇති බැවින් උතුරේ මහ ඇමතිවරයා ආරක්ෂක හමුදාවන් සම්බන්ධව වැරදි ප්‍රකාශ කිරීම කණගාටුවන බවයි.

ආරක්ෂක අංශයන්ගෙන් ජනතාවට සිදුවන අවහිරතා අවම බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔහු ඉල්ලා සිටින අයුරින් උතුරින් හමුදාව හෝ කඳවුරු ඉවත් නොකරන බවත් පවසා සිටියා.

එසේම රෝහින්ග්‍ය සරණාගතයින් මෙරට පැමිණි පිරිසක් නොවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා  ඔවුන් මහමුහුදේ අතරමංව සිටියදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබූ පිරිසක් බව සඳහන් කළා.

සරණාගතයින් පීඩාවට ලක්වන අයුරින් පසුගියදා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකගේ හැසිරීම පිළිබඳව තමන් බලවත් ලෙස කණගාටුවන බවත් ඔහු සඳහන් කළ අතර එම සරණාගතයින්ගේ වගකීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ අංශය විසින් කටයුතු කරන බවත් පවසා සිටියා.

Ruwan Wijewardene

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *