Home / Featured / රෝහින්ග්‍යාවරුන් ගැන ජනතාවට බොරු කියූ ඇමතිවරු වහා අත්අඩංගුවට ගනු

රෝහින්ග්‍යාවරුන් ගැන ජනතාවට බොරු කියූ ඇමතිවරු වහා අත්අඩංගුවට ගනු

ජනතාව කුපිත වන ආකාරයට බොරු ප්‍රකාශ කල පා ච රණවක ඇමතිතුමා ඇතුළු ඇමතිවරුන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව රටේ නීතිය හරියට ක්‍රියාත්මක වන බව රටට පෙන්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඊයේ(28)ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදින් යොමුකල පැනයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ප්‍රශ්ණය  –    පසුගියදා රොහින්ගියානු සාරණාගතයින් පිරිසක්  ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමග ඇතිවු ගැටුම්කාරී තත්වය ගැන  මොකක්ද ඔබේ අදහස

පිළිතුර  –   මේ රටේ මේ කලබලය ඇති කළේ මේ ආණ්ඩුවේ ඇමතිවරු. ගරු පාච රණවක ඇමතිතුමා ඒ වගේම විදේශ කටයුතු රාජ්‍ය  ඇමතිතුමා මාධ්‍ය ඉදිරියට ඇවිත් ඉතා පැහැදිලිව කිව්වා අපේ රටට පැමිණි රොහින්ගියා සරණාගතයින් නැවත පිටරටට යවා අවසන් කියලා. සරණාගතයින් භාර ගැනීම පිළිබද එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියක් තියෙනවා. ශ්‍රි ලංකාව සරණාගතයින් භාර ගන්නා රටක් විදිහට ඒකට එකතුවෙලා නෑ. සරණාගතයින් භාර ගැනීමේ ජාත්‍යන්තර වගකීමක් නෑ. මේ සරණාගතයින් ඇත්තෙන්ම බුරුමයට ගියේ බංගලිදේශයෙන්, නමුත් බංගලිදේශයත් මේ සරණාගතයින් බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

ජර්මනියේ තියෙන්නේ ජනගහණය සෘණ වර්ධනයක් ඒ නිසා සිරියාව වගේ මුස්ලිම් රට වලින් සරණාගතයින් බාර ගත්තා. ඒ බාර ගත්ත පිරිස් ඒ රටේ ඇති කරලා තියෙන මහා සංස්කෘතික කලබැගෑනියත් එක්ක ජර්මනියේ ඇන්ජලා මර්කන් සඳහන් කරනවා අපි කළේ වරදක් කියලා. ඒ නිසා මේ පිළිබද රටේ සංවේදී බාවයක් තියෙනවා. ඒ නිසා මේක මානුෂිය ප්‍රශ්නයක් නම් ආණ්ඩුව අවංක හා විවෘත වෙන්න ඕනේ. ආණ්ඩුව රටේ ජනතාවට කිව්වේ බය වෙන්න එපා අපේ රටේ කවුරුත් නෑ ආව කට්ටිය අපි පිටත් කරලා යවලා ඉවරයි. එහෙම කියලා ගෙයක් ඇතුලෙන් හමුවේද්දි රටේ ජනතාව කුපිත වෙනවා තමයි. ඒ නිසා ජනතාව කුපිත විමේ වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා මහජන කැරලි කෝලහාල ඇතිවෙන ආකාරයට ප්‍රකාශ කිරීම අත්අඩංගුවට ගෙන ඇප නොදි තබා ගත හැකි වරදක්.

තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තේ ඒ විධිවිධානය යටතේ. ඒ නිසා ජනතාව කුපිත වන ආකාරයට බොරු ප්‍රකාශ කල පා ච රණවක ඇමතිතුමා ඇතුළු ඇමතිවරුන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව රටේ නීතිය හරියට ක්‍රියාත්මක වන බව රටට පෙන්විය යුතුයි.

Udaya Gammanpila

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *