විද්‍යා තින්දුවෙන් පසු විනිසුරු ඉලන්චලියාන්ට විරෝධය…

0

“අපරාධකරුවන් බේරාගැනීමට උදව් කළ අය වැරදිකරුවන් බව ඔප්පු කරති.”යන් අදහස සහිත පෝස්ටර් උතුරේ ප්‍රධාන නගර රැසක ප්‍රදර්ශනය කර තිබේන බව උතුරේ ආරංචි මාර්ග සදහන් කරනවා.

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනයේ වරදකරුවන් වූ සුවුස් කුමාර් ඇතුළු චූදිතයන් හත් දෙනෙකුට මරණ දඬුවම් ලබා දෙමින් අධිකරණය නිකුත් කල නියෝගය සම්බන්ධයෙන් මෙම පෝස්ටර් අලවා ඇති අතර එම පෝස්ටර් වලින් එකම නඩුවකදී විනිසුරු ඉලන්චලියාන් ස්විස් කුමාර්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය විජයලා මහේෂ්වරන් සම්බන්ධ වූ ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

විද්‍යා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තා නිදහස් කර ගැනිමට විවිධ බලපෑම් එල්ල කල බවට අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට චොදනා එල්ල වු අතර පසුව ඇය එම චොදනා සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකල පරික්ෂණයකට අදාළව කට උත්තරයක්ද ලබා දුන්නා.

මේ අතර විද්‍යා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට රැකවරණය දීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වු අතර එම චෝදනා යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහරිනු ලැබුවා.