එළිසබෙත් රැජිනටත් සල්ලි නෑ

0

බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිනගේ මුල්‍ය උපදේශකයන් මුල්‍ය පාලනය යම් යම් දෝෂ හේතුවෙන් රැජින දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව සිටිව බව එරට ගිණුම් කාරක සභාව මාධ්‍ය වෙත පවසා තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කලේ පවතින මෙම මුල්‍ය අර්බුධය හේතුවෙන් බකිංහැම් මාලිඟය ඇතුළු ගොඩනැඟිලි 39 ක පිළිසකර කිරිම සඳහා අවශ්‍ය මුදල් නොමැති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ එරට මුදල් ඇමැතිවරයා රැජිනගේ මුල්‍ය උපදෙශකවරයා වෙත පවසා තිබෙන්නේ මුල්‍ය පාලනය සම්බන්දයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බි‍්‍රතාන්‍ය භාණ්ඩාගාර නිලධාරින් රාජකිය මාලිඟය බේරා ගැනීමට හා රාජකීය ගෘහස්ථ වියදම් අඩු කිරීමට බකිංහැම් මාලිඟයේ චාරිකාවක් සඳහා යායුතු බවයි.