ව්‍යවස්ථා සංශෝධන අස්සේ…. ජනාධිපති නිල කාලය දිර්ඝ කිරිමට ජනමත විචාරණයක්!

0

ජනාධිපති නිල කාලය දීර්ඝ කිරීම,පාර්ලිමේන්තු මැතිවරණය ආසන මට්ටමෙන් පැවැත්වීම,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර 5කින් දීර්ඝ කිරීම සදහා ජනමත විචාරණයක් පැවැත්විමට රජයේ අවධානය යොමුවි තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක්ම මේ වන විට පවත්වා තිබේ.

මැතිවරණය කිහිපයක් පැවැත්විම පවතින දේශපාලන අර්බුද හමුවේ අසිරූ බවත් ඒ අනුව සියලුම කරුණු එකට එකතු කර ඒ වෙනුවෙන් ජනතාවගේ කැමත්ත විමසිම ආණ්ඩුවේ අරමුණ වි තිබේ.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු කඩිනමින් අවසන් කර ජනමත විචාරණයකට යෑමට කටයුතු සුදානම් වෙමින් පවතින අතර එම ජනමත විචාරණයටම ඉහත කරුණු 4ක් ඇතුළත් කිරීම සඳහා ආණ්ඩුව සමඟ සිටින සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟතාවට පැමිණීමටද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හරහා 2025 දක්වා මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති ධුරය දැරීමට අවස්ථාව ලබා දී විශේෂ බලතල කිහිපයක් ඒ දක්වා ජනාධිපතිවරයාට පැවරීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙකු අතර පසුගියදා සාකච්ඡාවක්ද පවත්වා තිබුනා.