Home / Featured / අච්චු කරපු අයට ජනාධිපති පොදු සමාව නැතුව වෙන දෙයක් වැඩක් නෑ

අච්චු කරපු අයට ජනාධිපති පොදු සමාව නැතුව වෙන දෙයක් වැඩක් නෑ

1971 හා 1988 – 89 ජනතා විමුක්ති පෙරමුණට පොදු සමාව ලබා දුන් ලෙසම හා ඉන්දු ලංකා ගිවිසුම යටතේ එල්ටීටීඊ කණ්ඩායමය පොදු සමාව ලබා දු ලෙසම දෙමළ දේශපාලන සිරකරුවන් 160 වෙත ද පොදු සමාව දිය උතු බව උතුරු පළා ත් සභා මන්ත්‍රි කේ සිවාජිලිංගම් පවසනවා.

අනුරාධපුර බන්ධාගරයේ රදවා සිටින රැදවුයන් තිදෙනෙකු විසින් තම ඉල්ලීම් වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක නිරතව සිටින අතර ඔවුන්ගේ දුක සැප බැලීමට ගිය පළාත් සභා මන්ත්‍රිවරයා එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.

“අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන් 21 දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනෙක් මැරෙන්න යනක්ම් උපවාස අදට දවස් 13 ක් ඉන්නවා කියලා ඒ ප්‍රශ්නෙට විසදුමක් ගන්න තමයි ආවේ. අපි ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාටයි ආණ්ඩුවවටයි නීතිපතිටයි දැනුම් දීලා තියනවා ඒනිසා තාවකාලිකව නතර කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් ඒ ගොල්ලෝ උපවාසය අතහරින්න බෑ කියලා කිව්වා. ඒ ගොල්ලන්ගේ උපවාසය සාධාරණයි කියලයි අපි පිළිගන්නේ. සුළු කොටසක මේ ප්‍රශ්නෙට විතරයි විසදුමක් නැත්තේ, 12, 000ක් දෙනා ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා පුරුත්තාපනය කියලා ගෙදර ඇරලා තියනවා. ඒක සාධාරණයි. මේක 160 දෙනා තියාගෙන ඉදලා මේ ජාතික සමගිය ඇති කරනවා නම් මේ ප්‍රශ්නෙට තීරණයක් ගන්න ඕන කියන එක තමයි අපේ බලාපොරොත්තුව ජවිපෙ 1971 එකපාර පොදු සමාව දුන්නා. 88-89 පොදු සමාව දුන්නා. ඒ දේවල් දෙපාරක් වෙලා තියනවා. ඉන්දු ලංකා ගිවිසුම යටතේ 1987 ඔක්කොටම පොඩි සංවිධාන වලට පොදු සමාව දුන්නා ප්‍රභාකරන් මහත්තයාත් එක්ක. ඒවගේ මේ පාරත් ඒක දීලා ආණ්ඩුව හොද තීරණයක් ගනියි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

“අච්චු දීපු අයට ජනාධිපති පොදු සමාව නැත්නම් වෙන විසදුමක්නෑ. අනිත් එක විදේශ රටවලට එක්සත් ජාතින්ගේ සංවිධානයට පොරොන්දු වෙලා තියනවා ත්‍රස්තවාදය පිළිබඳ පනත අහෝසි කරනවා කියලා. ඒක අහෝසි කරනවා නම් අනිත් අයට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව කියන්නේ මේක අහෝසි කරලා වෙන පනතක් ගේනවා කියලා. එහෙම නම් ත්‍රස්තවාදය තියනවා නම් ඒක් විදේශ රටවලට පිළිගන්න පුළුවන් විදියට අරගෙන එන්න. හැබැයි මේ ප්‍රශ්නෙට විසදුමක් ගන්න ඕන කියන තැන තමයි අපි ඉන්නේ,”

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *