Home / Featured / උතුරට පොලිස් බලය දකුණට බැටන් ප්‍රහාර.., මෙන්න යහපාලනය!

උතුරට පොලිස් බලය දකුණට බැටන් ප්‍රහාර.., මෙන්න යහපාලනය!

යහපාලන ආණ්ඩුව උතුරට පොලිස් බලය දෙන අතරතුරදි, දකුණේ උද්ඝෝෂණය කරන අහිංසක නිරායුධ ජනතාවට එරෙහිව බැටන් බලය ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ බොම්බයි ලූණු ගෙඩියෙන් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වූ පිරිස මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාව විකිණීමේදි මුණිවත් රකිමින් සිටින බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“පොලිසිය විසින් සිදු කළ යුත්තේ රටේ සම්පත් කොල්ල කන විකුණන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම. හැබැයි වෙන්නේ මොකද්ද ජාතික සම්පත් විනාශ කරන්න එපා, බදු දෙන්න එපා, විකුණන්න එපා කියන නිරායුද අහිංසක උද්ඝෝෂණය කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක. මත්තල ගුවන් තොටුපොළ විකිණීම බදු දීමට එරෙහිව කරපු උද්ඝෝෂණයේදි පොලිසිය ක්‍රියා කළේ ඉතාම මිලේච්ඡ ආකාරයට. පොලිසිය නිරායුද උද්ඝෝෂකයින්ට විතරක් නෙමෙයි ජනමාධ්‍යවේදින්ටත් පහර දෙනවා. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විදියට අපි පොලිස් කොමිසමට යනවා. ඒවගේම මූලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධව නඩු පවරන්න ක්‍රියා කරනවා. විශේෂයෙන්ම අද රජය උතුරට පොලිස් බලය දෙනවා, දකුණට දෙන්නේ බැටන් ප්‍රහාර. බොම්බයි ලූණු විකුණන එකෙන් ඉන්දියානු ජාතික සම්පත් ව්‍යාප්තවාදය ගැන කතා කරපු කට්ටිය මේ විකිණීම ගැන නිහඬයි. ඉන්දියානු බොම්බයි ලූණු ගෙඩියක් උගුරේ හිර වෙලාද දන්නේ නෑ. අද ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාග කරපු අයත් බලාගෙන ඉන්නවා මේ රතු අයියලා ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා.”

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *