නොර්වුඩි ඇගලුමි කර්මාන්ත ශාලාව තුල භූත දෝෂයක්! සේවිකාවන් මානසික වෛද්‍යවරයා වෙත යවයි…

0

හැටන් නොර්වුඩි ප‍්‍රදේශයේ පෞද්ගලික ඇගලුමි කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ඊයේ (09.10) උදැසන යලිත් රෝගාතුර වි උමතුවෙන් මෙන් හැසිරිම හේතුවෙන් එම ඇගලුමි කර්මාන්ත ශාලාව තුල අද (09.10) සිටි සෙසු ඇගලුමි සේවිකාවන් භිතියට පත්වි සිටියා.

එම ඇගලුමි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් විසිදෙනෙකු පමණ ආවේශ වි උමතුවෙන් මෙන් එම ඇගලුමි කර්මාන්ත ශාලාව තුල හැසිරි කෑගැසිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වු අතර, තවත් සේවිකාවක් තමන්ගේ බෙල්ල ප‍්‍රදේශයෙන් කලු ඇදුමක් ඇද ගත් කිසියමි අයෙකු ඇල්ලු බවට කෑගැසිමත් සමගම එම ඇගලුමි කර්මාන්ත ශාලාවේ පාලකයින් විසින් මේ සමිබන්ධව නොර්වුඩි පොලිසියට දැනුමි දි තිබුණා.

පසු වහා කි‍්‍රයාත්මක වු නොර්වුඩි පොලිසියේ නිළධාරින් එම ස්ථානයට ගොස් මේ සමිබන්ධයෙන් පරික්‍ෂා කර බලා ඒ පිළිබදව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්ට දැනුමි දි තිබෙනවා. පසුව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුලු වෛද්‍යවරුන් පිරිසක් එම ඇගලුමි කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇගලුමි සේවිකාවන් පරික්‍ෂා කර බැලිමේදි ආවේශ වි උමතුවෙන් සිටි සේවකයන් කිහිපදෙනෙකු පරික්‍ෂා කර බැලිෙමිදි ඔහුන්ගේ ශරිරය තුල කිසිදු රෝගි තත්ත්වයක් නොතිබු නිසා හදුනා ගත් ඇගලුමි සේවිකාවන් කිහිපදෙනෙකු දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු සදහා පැමිණෙන මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට පාලන අධිකාරියට දැනුමි දි තිබෙනවා.

එම ඇගලුමි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පවසන්නේ තම ඇගලුමි කර්මාන්ත ශාලාව තුල පැවැත්විය යුතු දේව පුජාවන් කිහිපයක් පැවැත්විම පාලන අධිකාරිය මගින් අතපසු කළ නිසා මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් උද්ගත වි ඇති බවයි. ඉකුත් (04.10) එම ඇගලුමි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙසිය හතලිස්පස් දෙනෙකු පමණ හදිසියේ රෝගාතුර විම සමිබන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් කරන ලද මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වි ඇත්තේ එම ඇගලුමි කර්මාන්ත ශාලාව තුල නිසි පරිදි ප‍්‍රමානවත් වාතාශ‍්‍රය නොතිබිම තුල ඇගලුමි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් හදිසියේ රෝගාතුර වි ඇති බවයි.

පසුව එම ඇගලුමි කර්මාන්ත ශාලාව තුල ප‍්‍රමාණවත් වාතාශ‍්‍රය ලැබෙන පරිදි කටයුතු කරන ලෙසට පාලන අධීකාරියට කළ උපදෙස් මත එම ඇගලුමි කර්මාන්ත ශාලාෙවි පාලන අධිකාරිය මගින් ඇගලුමි කර්මාන්ත ශාලාව තුලට වාතාශ‍්‍රය අවශ්‍ය පරිදි ලැබෙන අයුරින් කටයුතු කර තිබු බව නොර්වුඩි පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක කමල් අබේසිරි මහතා පැවසුවා.

රංජිත් රාජපක්ෂ -හැටන්