Home / Featured / ශ්‍රිලංනීපය රිමෝට් එක වෙලා ජවිපෙට ඇපත් නැතිවෙලා.., රටේ එකම හඩ ඒකාබද්ධ විපක්ෂයයි

ශ්‍රිලංනීපය රිමෝට් එක වෙලා ජවිපෙට ඇපත් නැතිවෙලා.., රටේ එකම හඩ ඒකාබද්ධ විපක්ෂයයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ප්‍රබල  ස්ථානයක සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රිමෝට් කොන්ට්රෝලයක මට්ටමට ඇද වැටීමේ වගකීම පක්ෂ සභාපතිවරයා සහ ලේකම්වරුන් භාර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරනවා.

සන්ධායේ මහලේකම්වරයා කියන පරිදි ඉදිරි මැතිවරණයක දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රිමෝට් කොන්ට්රෝලය වීමට යන්නේ නම් මෙතෙක් කල් රිමෝට් කොන්ට්රෝලය වී සිටි ජනතා විමුක්ති පෙරමුණට රිමෝට් කොන්ට්රෝලයේ බොත්තමක්වත් වීමට සිදු වනු ඇති බවත් මන්ත්‍රිවරයා පවසා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ සෙනරත් පරණවිතාන විද්‍යාලයේ ඔහුගේ ප්‍රතිපාදන යටතේ  අභිනවයෙන් ඉදිකෙරුණු බුදු මැදුර සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළ මන්ත්‍රිවරයා,

“මම දැක්කා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා කියනවා ඊළඟට එන ඕනෑම ඡන්දයකදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ‍රිමෝට් කොන්ට්රෝල් එක වෙනවා කියලා. මෙච්චර කල් රිමෝට් එක වෙලා හිටියේ පාර්ලිමේන්තුවේ ආසන පහක්වත් දිනාගන්න බැරි ජනතා විමුක්ති පෙරමුණයි. මහලේකම්වරයා කියන විදියට දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණටත් වඩා පහළට වැටිලා තිබෙනවා. මහලේකම්වරයා තමන්ගේ කතාව තුළින් පිළිඅරගෙන තිබෙනවා තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මේ රටේ ආණ්ඩුවක් ගන්න බැරි බව. ආණ්ඩුවක් ගන්න පුළුවන් පක්ෂයක් රිමෝට් එකක් වෙන්නේ නැහැනේ.”

“මහලේකම්වරයාගේ කතාවෙන් අපට පෙනෙන්න තිබෙන්නේ ඉදිරි මැතිවරණයේ දී නියත වශයෙන්ම තුන්වැනි තැනට හෝ සිවුවැනි තැනට ඇද වැටෙන බව දැනටමත් පිළිඅරන් තිබෙන බවයි. ඉදිරියේ දී නියත වශයෙන්ම ලැබෙන පරාජයට දැන්මම හේතු දක්වන්න අරගෙන තිබෙන්නේ ඒ නිසයි.  2015 ජනවාරියට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්, පළාත් සභා 8ක්, පළාත් පාලන ආයතන සියල්ලගෙම පාහෙත් බලය තහවුරු කරගෙන හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද රිමෝට් කොන්ට්රෝරල් එකක තත්ත්වයට වැටිලා නම් ඒකට වගකියන්න ඕනේ පක්ෂයේ වත්මන් සභාපතිවරයා සහ ඔය ලේකම්ලා දෙපළ තමයි.”

“නිදහස් පක්ෂය රිමෝට් එක වෙන කොට මෙච්චර කල් රිමෝට් එක යැයි කියාගත් ජනතා විමුක්ති පෙරමුණට මොකද වෙන්නේ? අනුර කුමාර මහත්ත‍යෝ දැන් ඉතින් රිමෝට් එක නැති වෙන හින්දා රිමෝට් එකේ බොත්තමක්වත් වෙන්න උත්සාහ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් ජනතා විමුක්ති පෙරමුණත් ඉතිහාසයට එකතු වේවි. අද මේ රටට එරෙහිව ක්‍රියාත්මක වන බලවේගවලට රට තුළ නැගෙන එකම හඬ වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හඬයි. දැන් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට හිසරදයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා ආණ්ඩුව විවිධ උපක්‍රම යොදලා අපිව මර්දනය කරන්න, අපේ කට වහන්න යනවා.”

“රට වෙනුවෙන් පෙනී ඉන්න හැමෝම උසාවි ගාණේ අරගෙන යන එක තමයි මේ ආණ්ඩුව කරන එකම වැඩේ. අපි විතරක් නෙමෙයි අපේ ගෙවල්වල ඉන්න අයත් උසාවි ගෙනියලා අපේ කටවල් වහන්න තමයි ආණ්ඩුව කටයුතු කරමින් යන්නේ. බොරු චෝදනා එල්ල කළාට උසාවිය හමුවේ ඔප්පු කරගන්න බැරි නිසා දැන් ආණ්ඩුව අලුත් වැඩකට අතගහලා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ  චරිත ඝාතනය කරන මඩ මෙහෙයුමක් රාජ්‍ය මාධ්‍ය හරහා දියත් කරන්න ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවට වැඩිම තර්ජනයක් තියෙන මන්ත්රීාවරුන්ට එරෙහිව කුමන හෝ චෝදනාවක් හොය හොයා දැන් රාජ්‍ය මාධ්‍ය කණ්ඩායම් රට පීරනවා.”

“රට බෙදෙන ව්‍යවස්ථාව වෙනුවෙන් ගේන ජනමත විචාරණයට පෙර ඒකාබද්ධ විපක්ෂයේ හඬ නැති කරන්න තමයි ආණ්ඩුව මේ සැලසුම් කරන්නේ. අපි ආණ්ඩුවට කියන්න කැමැතියි මොන දහං ගැට ගැහුවත් රට බෙදෙන ව්‍යවස්ථාව විතරක් නොවෙයි මේ ජනතා ද්‍රෝහි ආණ්ඩුවම පරද්දනකම් අපේ සටන නතර කරන්නේ නැහැ.”

Prasanna Ranatunga

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *