Home / Featured / ශ්‍රීපාදස්ථානයට හෝ බෞද්ධ දර්ශනයට අගෞවරව වන කිසිදු අත්පති‍්‍රකා බෙදිම,විරෝධතා දැක්විම සපුරා තහනමි

ශ්‍රීපාදස්ථානයට හෝ බෞද්ධ දර්ශනයට අගෞවරව වන කිසිදු අත්පති‍්‍රකා බෙදිම,විරෝධතා දැක්විම සපුරා තහනමි

2017-2018 ශ්‍රී පාද වන්දනා වාරයේදි ශ්‍රීපාදයට හෝ බෞද්ධ දර්ශනයට අගෞවරයක් වන සේ කිසිදු අයෙකුට කටයුතු කිරිමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝ නායක පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධමිම දින්න නායක ස්වාමින් වහන්සේ අවධාරණය කර සිටියා.

උන්වහන්සේ මේ බැවි අවධාරණය කර සිටියේ 2017-2018 ශ්‍රී පාද වන්දනා වාරය ආරමිභ කිරිම සමිබන්ධයෙන් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ රාජ්‍ය පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා අද (10.10) නල්ලතන්නියේ ග‍්‍රාමසේවක කාර්්‍යාලයේ පැවති විශේෂ සාකචිජාවකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රීපාද පද්මය ඔනෑම ආගමික කෙනෙකුට වැද පුදා ගැනිමට හැකි බවත් ඒ සදහා ඔනෑම කෙනෙකුට ශ්‍රීපාදස්ථානය කරුණා කරන ලෙසටය. එවැනි පුජනිය ස්ථානයකට අගෞවරව වනසේ කිසි කෙනෙකුට කටයුතු කිරිමට තමන් වහන්සේ ඉඩ ලබා නොදෙන බවද එවැනි දැ සිදුකරන අය සමිබන්ධයෙන් අවශ්‍ය නිතිමය පියවර ගන්නා ලෙසටද ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් මෙහිදි අරක්‍ෂක අංශ වලට උපදෙස් ලබා දෙනු ලැබුවා.

මෙවර ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රීපාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස සලකා වන්දනාවේ පැමිණෙන ලෙසත් එසේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රීපාද පුදබිමේ පරිසරය ආරක්‍ෂා කර ගැනිමට අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. මෙවරද ශ්‍රීපාද වන්දනා වාරයේදි පොලිතින් භාවිතය සපුරා තහනමි කර ඇති බවද උන්වහන්සේ අවධාරණය කර සිටියා.

මෙවර ශ්‍රීපාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (03.12) ආරමිභ කරන බවත් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව දේව ආභරණ සහ සමන් දේව ප‍්‍රතිමාවන් පෙරහැරවල් තුනක් ලෙස බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල රත්නපුර අවිස්සාෙවිල්ල හැටන් මාර්ගය ඔස්සේත් පෙරහැවල් දෙකකින් නල්ලතන්නිය වෙත වඩමිමවා ඉන් අනතුරුව එම පෙරහැරවල් දෙකෙන්ම වඩමිමන සමන් දේව ප‍්‍රතිමාවන් සධාතුක කරඩුව සහ දේව ආභරණ නල්ලතන්නියේ සිට දොළාවකින් ශ්‍රීපාද උඩමලුව දක්වා වැඩම කරවන අතර තවත් පෙරහැරක් රත්නපුර රජමාවත ඔස්සේ ශ්‍රීපාද උඩමලුව දක්වා වැඩම කර එම සියලු මාර්ග ඔස්සේ වැඩ කරවු සධාතුක කරඩුව සහ දේව ආභරණ උදුවප් පොහෝ දින ශ්‍රීපාද උඩම වේ තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රීපාද වන්දනා වාරය ආරමිභ කිරිමට නියමිතය.

මෙවර ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන සියලුම පහසුකමි සැපයීමටද මෙම රැස්විමේදි තිරණය කරනු ලැබුවා. මෙම රැස්විමට නුවරඑළිය දිස්ති‍්‍රක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ති‍්‍රකේ.කේ පියදාස, නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකමිවරු,ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකමිවරයා ඇතුලු ආරක්‍ෂක අංශ නිළධාරින් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ නිළධාරින් රැසක් සහභාගි වි සිටියා.

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *