නාමල් ඇතුළු 6ක් පොලිස් අත්තඩංගුවට! (Update)

0

ඊයේ රාත්‍රියේ හම්බන්තොට පොලීසිය විසින් අත්තඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම හම්බන්තොට මහේස්ත්‍රාත් වෙත යොමු කිරීමෙන් පසුව ලබන් 16 වෙනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව ඩී. වී චානක, ප්‍රසන්න රණවීර, උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල හා නීතිඥ අජිත් ප්‍රසන්න අත්තඩංගුවට ගනු ලැබු අනෙක් පිරිස වේ.

මත්තල ගුවන්තොටුපොළ හා හම්බන්තොට වරාය විදේශ රටවලට පැවරීමට එරෙහිව මෙම පිරිස විසින් උද්ඝෝෂණයක් මෙහෙයවූ අතර එහිදි එම උද්ඝෝෂණයට එරෙහිව අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය උල්ලංඝනය කිරීම, රාජ්‍ය දේපල වලට හානි කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම සහ පොලිසියේ රාජකාරිවලට බාධා කිරීම ඇතුළු චෝදානාවන්ට ඔවුන් අත්අඩංගුවට ගත් වයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඒඅනුව අද දින්යේදි හම්බන්තොට පොලිසියේ පෙනි සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නාමල් රාජපක්ෂට පොලිසිය සඳහන් කර තිබු අතර ඔහු ඒ වෙනුවෙන් ඊයේ හම්බන්තොට පොලිසියට පැමිණියද ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදු නොවීය.