Home / Featured / පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමු

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමු

ඊයේ (10)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඉදිරි සතිය තුළ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය පළකරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමු.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ ප්‍රධාන නෛතික බාධාව ඊයේ පාර්ලිමේන්තුවේදී මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා සංශෝධිත පනත සම්මත වීමෙන් අනතුරුව ඉවත් විය. ඒ අනුව එක් එක් පළාත් පාලන අායතන සදහා තෝරා පත්කර ගතයුතු සභික ධූර ප්‍රමාණය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වරයා විසින් ගැසට් කිරීමෙන් අනතුරුව මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත. ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඉදිරි සතිය තුළ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය පළකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ඒ සදහා දැනටමත් එකග වී ඇති පරිදි ඉදිරි සතිය තුළ නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශීය සභා සදහා තෝරා පත් කර ගත යුතු සභික ධූර ප්‍රමාණය ගැසට් කිරීමට කටයුතු කරන ලෙස පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් ඉල්ලා සිටින අතර මෙම මාසය තුළම ඡන්ද විමසීම ප්‍රකාශ කිරීමට බාධාවක් නොමැති බවද අප විශ්වාස කරමු. මැතිවරණ කොමිෂන් සභාව මේ වන විටත් මැතිවරණයට සුදානම් වී ඇති බැවින් කිසිදු බාධාවකින් තොරව ඉදිරි වසරේ ජනවාරි මාසයේ මුල් සති කිහිපය තුළ ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ දින වකවානු තීරණය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම පළමු වතාවට නව පනත ක්‍රියාත්මක කිරීමේදී පනතෙහි සදහන් ක්ෂේත්‍ර නිලධාරීන්ට වසරකට පෙරාතුව ඉල්ලා අස්වීමට දැනට සැලසුම් වී ඇති ආකාරයට ඉඩ ප්‍රස්ථා නොලැබෙන බැවින් ඔවුන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සදහා ද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.

සීමා නිර්ණයට අදාළ ගැටලු සහ වෙනත් තාක්ෂණික දෝෂ හේතුවෙන් වසර 3 කට ආසන්න කාලයක් ජනතා පරමාධිපත්‍ය අභ්‍යාස කිරීමට පුරවැසියන්ට තිබූ අයිතිය සීමා වූ අතර සෑම ඡන්දයකටම වටිනාකමක් ලැබෙන නව පළාත් පාලන ඡන්ද විමසීම හරහා නැවුම් අත්දැකීමක් විදගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවස්ථාව ලබාදීමටත් ජනතා විශ්වාසය තහවුරු වන පරිදි ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කිරීමටත් අදාළ බලධාරීන් පියවර ගනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු.

මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ.

PAFFREL

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *