ප්‍රභාකරන්ගේ මිනීය දැකලා මම ඇඬුවා…..රජිව් ඝාතකයා ගැන පුතාගේ පාපෝච්චාරණය..

0

ප්‍රභාකරන්ගේ මිනීය දැකලා තමන් කණගාටුව මෙන්ම දැඩි කම්පනයට පත්වු බව ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාණ්ධි(Rahul Gandhi ) පවසයි.ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යාපාරික හමුවකට එක්වෙමින් රාහුල් ගාණ්ධි මේ බව කියා සිටියා.

මගේ තාත්තාගේ මිනි මරුම සිදු කළේ එල්ටීටීඊ නායක ප්‍රභාකරන් සිදු කළේ. ඒක ඇත්ත. නමුත් මම  ශ්‍රි ලංකාවේ එක් මුහුදු සීමාවක ප්‍රභාකරන්ගේ මිනිය තිබුණු හැටි දැක්ක වේලාවේ මට දුක හිතුණා. මගේ ඇතුලාන්තය දුක් වුණා. මම ෆෝන් එක අරගෙන ප්‍රියංකාට කෝල් කරලා කිව්වා, ප්‍රියංකා(ප්‍රියංකා) මාර වැඩක් නේ වුණේ, මම මගේ තාත්තාගේ මිනිමරුවව දැක්කා. ඔහු මැරිලා හිටියේ, ඒත් මගේ ඇතුලාන්තය ඒකට දුක් වෙනවා නේ. මම මේ ඇත්ත කියන්නේ. මට ලොකු වරදකාරි හැගීමක් ආවා. එතකොට ප්‍රියංකා කිව්වා මටත් කදුළු ආවා කියලා. කෙනෙකුගේ මරණයත් එක්ක අපිට තේරුම් යන්නේ එයාගේ දරුවන්ට මොනවා වෙයි ද? එයාගේ පවුලට මොනවා වෙයි ද කියන එක. අපි කොච්චර ක්‍රෝධයෙන් හිටියත් අපිට ඒක මතක් වෙනවා. මගේ ආච්චිට වෙඩි තියපු වෙලාවේ ඒක තේරුණා. මගේ තාත්තාව මරපු වෙලාවේ ඒක තේරුණා. ඒත් අපිට කා එක්කවත් තරහා වෙන්න ඕනේ නෑ. ඒ අපේ ක්‍රමවේදය. ලෝකයා අපිට මෝඩයා කියයි කියයි ඒත් ඒකට කමක් නෑ. මේක අපේ ක්‍රමවේදයයි.”