Home / Featured / අපිට කුඩම්මගේ සැලකිළි… 2020 දී ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදිම වැට උඩ!

අපිට කුඩම්මගේ සැලකිළි… 2020 දී ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදිම වැට උඩ!

පාක්‌ෂිකයන්ට ඇති ගැටලුව 2020 දී ආණ්‌ඩුවක්‌ ගන්නකොට මෛත්‍රී ද මහින්ද කියන එක නොව මේ යන විදිහට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවක්‌ කොහොමද ගන්නෙ කියන එක බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ඡේ සෙනෙවිරත්න පවසයි.පසුගියදා රත්නපුර පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ දිස්‌ත්‍රික්‌ සම්මේලනය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ පක්‌ෂ දෙකට බෙදී 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ කෙසේදැයි පාක්‌ෂිකයන් පෙරලා ප්‍රශ්න කරන බවයි.

“ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපතිකම පිළිබඳවත් මේ දිනවල කතා බහක්‌ ඇතිවෙලා. පක්‌ෂයේ සභාපතිකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා මෛත්‍රිපාල සිරිසේන මහත්තයට දුන්නේ අපි ඔක්‌කොම සාකච්ඡා කරලා කථානායකතුමාගේ ගෙදරදී. මෛත්‍රී දැන් ඔයා පක්‌ෂය භාර අරගෙන කරගෙන යන්න කියලා මහින්ද මහත්තයා එතනදී කිව්වා. ඒක නිසා ඒ සම්බන්ධව ප්‍රශ්නයක්‌ ඇති කර ගත යුතු නෑ. ඒ වගේම අපි සම්මුති ආණ්‌ඩුවක්‌ හැදුවෙත් වසර දෙකක්‌ තුළ රටේ මූලික අවශ්‍යතා කිහිපයක්‌ ඉටු කරගන්න අපේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන්. එක්‌සත් ජාතික පක්‌ෂයත් එක්‌ක දිගටම ආණ්‌ඩු කරන්න අපේ බලාපොරොත්තුවක්‌ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවකින් වගේ අපේ බලාපොරොත්තු වගේම, පාක්‌ෂිකයන්ගේ ඉල්ලීම් බොහොමයක්‌ ඉෂ්ට කර ගන්න අද අපිට බැහැ. මාරුවක්‌ ගන්න ගියත් වෙන දෙයක්‌ කරගන්න ගියත් බොහෝ තැන්වල ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ට තියෙන්නේ කුඩම්මගේ සැලකිළි.”

W D J senawirathna

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *