බැටන් පොල්ල වෙනුවට යකඩ පොල්ල අතට ගත් යහපාලන පොලිසිය….

1

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා ඊයේ (10) කොළඹ පැවති උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබු අතර ඊට අමතරව කැරලි මර්දණ එකකය බැටන් ප්‍රහාර වෙනුවට යකඩ පොලු වලින්ද විරෝධතාකරුවන්ට පහරදි තිබේ.

එහිදී ඇති වූ ගැටුම්වලින් තුවාල ලැබූ දහතුන් දෙනෙකු රෝහල් ගත කර ඇති බව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

කොල්ලුපිටිය මංසන්ධිය වෙත විරෝධතාකරුවන් ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිස් භට පිරිස් කටයුතු කළා.එම බැටන් ප්‍රහාර එල්ල කල කැරලි මර්දණ එකකයේ පොලිස් නිළධාරින් යකඩ පොලු වලින් විරෝධතාකරුවන්ට පහරදුන් අතර එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

1 COMMENT

Comments are closed.