Home / Featured / ලිට්‍රෝ සභාපතිගේ කෙරුම් ගැන ලඟදීම හෙලිදරව්වක්

ලිට්‍රෝ සභාපතිගේ කෙරුම් ගැන ලඟදීම හෙලිදරව්වක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා මාර්ග අමාත්‍යාංශය සෙල්ලම් ගෙයක් ලෙස භාවිත කිරීම හේතුවෙන් කෝටි ගණනක් ණය ගෙවීමට තිබු බවත් එම ගැටළු විසදීමට තමාට මහමාර්ග ඇමති ලෙස කටයුතු කළ අවධියේ මහබැංකු රැස්වීමට සහභාගි වීමට සිදු වූ බවත් එම  හේතුවෙන් අද බැදුම්කර කොමිසමට පැමිණ සාක්ෂි ලබා දීමට සිදු වූ බවත් අමාත්‍ය කබීර් හෂිම් පවසනවා.

අද(11) දිනයේ බැදුම්කර කොමිසමට අසලදි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කොමිසමෙන් අදාළ කැදවීම ඇබෙන විට තමන් සිටියේ තම කොට්ඨාසයේ මහජන දිනයට සහභාගි වෙමින් බවත් එහි සිට ඊයේ රාත්‍රියේම කොළඹ පැමිණ මේ සඳහා සහභාගි වූ තම්න් වෙත ඇතම් මාධ්‍ය හා හිටපු ඇමතිවරුන් විසින් සිදු කරනු ලබන චෝදනා පදනම් විරහිත බවයි ඔහු පෙන්වා දුන්නේ.

තමා හෝ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කිසිවෙටකත් ජනාධිපති හමුවී කොමිසම හමුවට පැමිණීමේ දින කල් දමා ගැනීමට ආයාචනය නොකළ බවත් ඔහු සඳහන් කර සිටියා.

එහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පත් කරනු ලැබූ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා විසින් සිදු කළ මුදල් වංචාව සම්බන්ධයෙනි.

“මම ඒගැන හොද මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒවා ගැන හොදට කියලා දෙන්නම් ඒකේ යට අර්ථය” අමාත්‍යවරයා එයට පිළිතුරු ලබා දුන්නා.

Kabir Hashim

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *